අපේ කලා තරු වෙනස් කරලා කරපු 2023 කැලැන්ඩරය



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

හැම වසරක් ආරම්භයේදීම කලා ලෝකේ කලා තරු සහභාගී වෙන්න මඟ බලාගෙන ඉන්න එක් අවස්ථාවක් තියෙනවා. ඒ තමයි රැෆෙලා ප්‍රනාන්දුගේ සෙලිබ්‍රිටි කැලැන්ඩරය එළිදැක්වීමේ උත්සවය. මෙවර එය පෙරේදා (11) කොළඹ තරු හෝටල් පරිශ්‍රයක පැවැත්වුණා.

රැෆෙලා ප්‍රනාන්දු කියන්නේ මෝස්තර නිර්මාන ශිල්පිනියක් වගේම දක්ෂ ඡායාරූප ශිල්පිනියක්. ඡායාරූපකරණයේ කාන්තාවන් අවම කාලයක ක්ෂේත්‍රයට එන ඇය ඇයටම අනන්‍ය වුණු අනන්‍යතාවක් ගොඩනඟාගත් ඡායාරූප ශිල්පිනියක්.

රැෆෙලා සෑම වසරකම අපේ කලා ලෝකෙ කලා තරු ඒකරාශී කරගෙන ඔවුන්ව වෙනස්ම සංකල්පයන්ගෙන් වැඩගන්වා කැමරා ඇසට හසු නොවූ ඔවුන්ගේ කෝණයන් නවමු ආකාරයට කාචගත කර එම ඡායාරූප එකතුවෙන් කැලැන්ඩරයක් නිර්මාණය කර එය Raffealla Fernando Celebrity Calendar (RFCC) නමින් එළිදක්වනවා.

මේ වසරේ 11 වෙනි වතාවටයි ඇය එම කැලැන්ඩරය එළිදක්වන්නේ. මේ වසරේ මේ කැලැන්ඩරය සඳහා රශිප්‍රභා සංදීපනී, සාරංග දිසාසේකර, දිනිති සහ සංගීත්, කාංචනා අනුරාධි, චාන්දනී සෙනෙවිරත්න, ශලනි තාරකා සහ දිනක්ෂි ප්‍රියසාද්, සචිනි අයේන්ද්‍රා, උපේක්ෂා ස්වර්ණමාලි, සබීතා ජයසිංහ, සචින් ලියනගේ, පබෝධා සංදීපනී, ශෙහානි කහඳවල, ධනූ ඉන්නසිතම්බි, නිම්මි හරස්ගම, සංගීතා වීරරත්න, කැරොලයින් ජූරි, කැලුම් විජේසූරිය, ශනුද්‍රි ප්‍රියසාද්, රොෂාන් රණවන, භූමි හරේන්ද්‍රන්, රන්දීර් විතාන, හිමාලි සයුරංගි සහ මෙරට උපත ලබා බොලිවුඩය කැලැඹූ ජැක්ලීන් ෆර්නැන්ඩර්ස් යන කලා තරු සහභාගී වෙලා තියෙනවා.

කලින් වසරවල සහභාගී නොවූ පළමුවරට රැෆෙලාගේ කැළැන්ඩරයට පෙනී සිටි තරු අතර ‍රශිප්‍රභා සංදීපනී, දිනිති සහ සංගීත්, කාංචනා අනුරාධි, චාන්දනී සෙනෙවිරත්න, සචින් ලියනගේ, පබෝධා සංදීපනී, නිම්මි හරස්ගම, කැරොලයින් ජූරි, කැලුම් විජේසූරිය, භූමි හරේන්ද්‍රන්, හිමාලි සයුරංගි සහ ජැක්ලින් ෆර්නැන්ඩර්ස් යන තාරකා විශේෂයි.

ඒ අතරිනුත් මෙරට ප්‍රවීන දක්ෂ රංගන ශිල්පිනියක් වන චාන්දනී සෙනෙවිරත්න මෙවර රැෆෙලාගේ සෙලිබ්‍රිටි කැලැන්ඩරය සඳහා සහභාගි වෙලා තියෙනවා. රොෂාන් රණවන සහ ඔහුගේ පුතු මිනෙත් රණවන මෙහි එක් මාසයක් වෙනුවෙන් පෙනී සිටියා. රැෆෙලාගේ කැලැන්ඩරයට පෙනී සිටි පළමු පිය පුතු සුසංයෝගය හැටියට එය හඳුන්වන්න පුළුවන්. එමෙන්ම මේ කැලැන්ඩරය සඳහා භූමි හරේන්ද්‍රන් සහභාගි වෙලා තියෙනවා. ඒ අනුව රැෆෙලාගේ කැලැන්ඩරයට පෙනීසිටි පළමු ලිංගික සංක්‍රාන්තික කාන්තාව හැටියට භූමි හරේන්ද්‍රන්ව හඳුන්වන්න පුළුවන්.

එමෙන්ම මෙරට ඡායාරූප ශිල්පියෙක්ට ලැබෙන දුර්ලභ අවස්ථාවක් මෙවර රැෆෙලාට ලැබී තියෙනවා. ඒ ජනප්‍රිය බොලිවුඩ් රංගන ශිල්පිනියක් වෙන ජැක්ලීන් ෆර්නැන්ඩර්ස්ව කාචගත කිරීමටයි. මෙවර රැෆෙලාගේ කැලැන්ඩරයේ පිටු දෙකක්ම ජැක්ලීන් ඒ වෙනුවෙන් වෙන් කර තිබෙනවා.

කලා ක්ෂේත්‍රයේ තරු ඒකරාශී කරගෙන පෙර කිසිවෙක් නොකළ මෙවැනි නිර්මාණශීලී කර්තව්‍යයක් සෑම වසරක් පාසාම කරන රැෆෙලාගේ නිර්මාණශීලී උත්සාහය අගය කළ යුතුමයි.

පහත දැක්වෙන්නේ ඒ කැලැන්ඩරයේ ඡායාරූප.