අපි ඔයාට කේක් එකක් ලෑස්ති කළා. ඒත් ඔයා අපිට නොකියා ගිහින්



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

මේ දවස්වල හැමෝම කතා කරන උපන්දින සාදයක් තියෙනවා.. ඒ තමයි සාරංගගෙයි දිනක්ෂිගෙයි සිඟිති දියණිය සාරන්‍යාගේ පලමු වැනි උපන්දින සාදය. මේ උපන්දින සාදයට ආපු අමුත්තෙක් සාරංගටයි දිනක්ෂිටයි නොකියාම යන්න ගිහින්ලු.

ඒ විජිත... විජිත කියන්නේ සාරන්‍යාගේ උපන්දින කේක් නිර්මාණය කරපු කේක් නිර්මාණ ශිල්පියා.

සාරන්‍යාගේ උපන්දිනය පවත්වපු දවසට පසු දිනයි විජිතගේ උපන්දිනය යෙදිලා තිබුනේ. හැමෝටම ලස්සනට තමන්ගේ උපන්දින කේක් හදන විජිතටත් සාරංගයි දිනක්ෂියි මධ්‍යම රාත්‍රියේ කපන්න කේක් එකක් ලෑස්ති කරලා තිබුණා.

ඒත් ඒ කේක් එක කපන්න කලින් විජිත මේ දෙපලටත් නොකිඋයාම යන්න ගිහින් තියෙනවා. නමුත් මේ දෙපළ ඔහුගේ කේක් එකත් අතැතිව කරන සුබ පැතුමක් වීඩියෝ කරලා එක තමන්ගේ සමාජ ජාලාවල පළ කරලා තිබුනා. ඒ වීඩියෝවේ ඔවුන් මෙසේ කියා සිටියා.

"සුබම සුබ උපන්දිනයක් විජිත... ඔයා හදනවාට වඩා ලස්සන කේක් එකක් අපි හරි අමාරුවෙන් හැදුවා. හැබැයි හරි වැරදියි ඔයා අපිට කියන්නේ නැතිව ගිය එකට නම්. මේක ඔයා වෙනුවෙන්මයි අපි ලෑස්ති කළේ. තැන්ක්‍යු විජිත..."