අනූෂා මේ අවාසනාවන්ත ඉරණමට මුහුණ දීපු ගැහැණියක් - චින්තන ධර්මදාස කියයි
'මමත් ගැහැනියක්' , 'වීසිදැල' , 'දරුඋපත' වැනි චිත්රපටවල ආන්දෝලනාත්මක චරිත රැඟූ ඇය පසුගිය දිනෙක ජීවිතයට සමුදුන්නා.
අනුෂා සොනාලි වඩාත් ජනප්රිය වූයේ 'වීසිදැල' චිත්රපටයේ ඇය නිරූපණය කළ චරිතය නිසා යි. නිරන්තරයෙන් මුහුණු පොත තුළින් රසිකයින් වෙත සමීප වෙන අනුෂා, අවසන් සමයේ ගෑස් සහ රටේ ඇතිව තිබෙන අර්බුද පිළිබඳවත් කතාබස් කළා.
ඇගේ මරණයෙන් පසුවත් ඇය ගැන අතිශය සංවේදී සටහන් මුහුණු පොතෙ පළ වුණා. ඒ චිත්රපට අධ්යක්ෂක චින්තන ධර්මදාස විසිනි. මේ ඔහු තැබූ සටහනක්...
අනූෂා සොනාලි මියගිය ප්රවෘත්තිය මට ලොකු දුකක් ඇති කළා. අනූෂා සොනාලි කියන්නෙ මං කැමති නිළියක් නෙමෙයි. ඒත් දක්ෂතාවය තිබුනු නිළියක්. විසිදැල චිත්රපටයෙ අනූෂා කරපු චරිතයට මං ඉතාම කැමතියි. ඒ වගේම එයා ලංකාවෙ සිනමා තිරය උඩට අනුරාගය අරගෙන ආවා.
අපේ රටේ නිළියො කියන්නෙ කීප දෙනෙක් ඇරුනම ඉතාම බයගුළු පිරිසක්. ඒ අය තමන්ගෙ නිරුවතට බයයි. නිරුවත තමයි සිනමා තිරය උඩ පවතින අභියෝගාත්මකම ප්රකාශනය වෙන්නෙ. එතනින් එහාට ඇතිවෙන කැත ගඳගහන සංස්කෘතික ප්රතිරෝධය කෙනෙකුට දරාගන්න අමාරුයි.
කවුරු හරි නිළියක් තිරය උඩ නිරුවත් වුනොත් බීගත්ත පිරිමි කෝල් කරන්න ගන්නවා. දේශපාලකයො කොහොම හරි ඒ ගෑනි එක්ක නිදියන්න හදනවා. එහෙම බැරි නං නිදියන්න සිද්ද වෙන ගානට ඇයව පත් කරනවා.
අනූෂා මේ අවාසනාවන්ත ඉරණමට මුහුණ දීපු ගැහැණියක්. ඇගේ නිරුවත විසින් ඇයව අපචාරී ලෝකයක හුදකලා කරනවා. අනූෂාට සිද්ද වෙන දේ ගැන ඒ දවස්වලමත් මට ඇති වුනේ දුකක්. ඒ හැමදෙයක්ම තිරය උඩ ඇය බය නැතුව ප්රදර්ශනය කළ අනුරාගය නිසා කියලයි මං විශ්වාස කරන්නෙ.
මේ විදිහට බය නැතුව තිරය මත නිරුවත් වෙලා, ඊට පස්සෙ තමන්ගෙ ජීවිතය කෙළවා නොගෙන බේරෙන්න පුළුවන් වුනේ සුමනා ගෝමස්ට විතරයි. ඒ එයා ලංකාව අතෑරලා ඇමරිකාවට ගිය හින්ද.
කැමරාවක් ඉදිරියේ නිරුවත් වෙන්න බය නැති හැම ගැහැණියක්ම මට ගෞරවනීයයි. ඒ මගේ පූජනීය ගැහැණුන් අපේ සදාචාරය විසින් කෙලෙසා මරා දමන හැටි ශෝචනීයයි. අනූෂා, ඔබට ජීවත් වෙද්දි ලබන්න බැරි වුනු ඒ සුවදායක නින්ද මරණයෙන් පසුව හෝ ලැබේවා.. සුර දූතිකාවෝ ඔබ සනසන්නට නැළවිලි ගී ගයත්වා!
සටහන - චින්තන ධර්මදාස