අනේ අපේ ගෙදර අය ආදරේට මට කියන්නෙ ඒ නම
‘හිච්චි’ ටෙලිනාට්‍ය අතරට එක්වූ අලුත්ම නාට්‍යය. හිච්චි අධ්‍යක්ෂණය කරන්නෙ තරංග දිසානායක. තරංග නිර්මාණය කළ ‘හිච්චි’ නාට්‍යයේ ප්‍රධාන චරිතය රඟපාන ඇය පෙනුමෙන් සුන්දර අරාබි තරුණියක වගෙයි පෙනෙන්නෙ. තවත් සමහර අය හිතන්නේ එයා පකිස්තානයෙන්, ඉන්දියාවෙන් ආ කෙනෙක් වගේ කියලයි. ඒ විදිහේ පෙනුම තිබුණට මෙයා සියයට සියයක්ම ශ්‍රී ලාංකිකයි. ‘හිච්චි’ වෙච්ච සුන්දර ඇය මේ රටේ නිරූපණ සහ රුපවාහිනී දැන්වීම් ක්ෂේත්රයට නම් අමුත්තියක නොවෙයි. එහෙම නම් ‘හිච්චි’ වූ ඇය කවුද?
ඔයා කවුද?
“මම දිනු අතපත්තු.”
‘දිනු’ විතර ද නම?
“අතපත්තු මුදියන්සේලාගේ දිනුකි. චාමරිකා කියලත් කියනවා. ඒත් ඒක පාවිච්චි වෙන්නේ නැහැ.”
දිනුකි, දිනු වුණේ?
“හැමෝම වගේ ආදරේට කතා කරන්නෙ ‘දිනු’ කියලයි. ඒකට මම ආසයි. මතක තියා ගන්නත් ලෙහෙසියිනේ.”
දිනු මේ වන විට ජීවිතේ දිනාගත්ත දේ මොනවා ද? මොන මොනවා ද දිනලා තියෙන්නේ?
“ජීවිතේ ඉගෙනීමත් හොඳට කළා. ඊට පස්සේ හොඳ රස්සාවකුත් කළා. කලා ක්ෂේත්රයේ තරගයකින් ජයග්‍රහණය කරලා ඉදිරියට යන ගමන් ඉන්නෙ. O/L සහ A/L හොඳට පාස්. ඊට පස්සෙ HR (මානව සම්පත් අංශයෙන්) ඉගෙන ගන්න සූදානමින් ඉන්නෙ. රැකියාව කළේ මානව සම්පත් අංශයේ විධායකවරියක් ලෙස. ඒ අතරේදී තමයි ෆොටෝ ෂූට් සහ මොඩ්ලින්වලට ආරාධනා ලැබුණේ. ඉතින් ජොබ් එකයි කලාවයි දෙකම එකට කරන්න බැරි නිසා රැකියාවෙන් අයින් වුණා. එතැනින් නිවාඩු ගන්න එක අමාරුයි.”
තරගයකින් දින්නා කිව්වේ?
“2019 පැවැත්වූ චන්දිමාල් සහ ඉන්ද්‍රමාල් රාජපක්ෂ එකතු වෙලා කළ අවුරුදු කුමරිය තරගයෙන් දෙවැනියා වුණේ මම. කලා ක්ෂේත්රයට එන්න පාර කැපුණෙ එතැනින්.”
දිනුගේ ගම් පළාත?
“මම උපන්නෙ ජාඇල. අප්පච්චි කුරුණෑගල. අම්මා බත්තරමුල්ල.”
ඉගෙන ගත්තෙ?
“මුලින් ගියේ කඳානෙ සෙවන්ත් ඩේ ඇඩ්වෙන්ටිස්ට් උසස් පාසලට.”
කොහොම ද පවුලේ විස්තර?
“මායි, අම්මයි, අප්පච්චියි, අක්කයි.”
අවුරුදු කුමරිය දෙවැනි ස්ථානය ලබා ගෙන මොඩ්ලින් කරන්න අවස්ථාව ලැබුණේ දිනු ලස්සන නිසා ද?
“අවුරුදු කුමරිය තරගයට ඉදිරිපත් වුණාට පස්සේ එක එක විලාසිතා නාම යටතේ ෆොටෝ ෂූට්වලට මාව ගත්තා. සමහර වෙලාවට ලස්සන ගැහැනු ළමුන් තරගවලින් තේරෙන හැටි දැක්කාම, අනේ මටත් ඒ විදිහට ඉන්න පුළුවන් නම් කියන අදහස මටත් තිබුණ දෙයක්. අනෙක් අයත් මට කියන්නෙ ඔයා ලස්සනයි කියලයි.”
නිරූපණයෙන් දිනු රඟපෑමට ආ විදිහ කියමු?
“ඒ අවස්ථාව ලැබුණෙ දුරුතු ක්‍රියේෂන්ස් නිසයි. දුරුතු ක්‍රියේෂන්ස් වෙනුවෙන් තරංග දිසානායක මහත්මයා තමයි හිච්චි නාට්‍යය අධ්‍යක්ෂණය කරන්නෙ. හිච්චි නාට්‍යයේ ප්‍රධාන චරිතයට ගත්තාම තරංග අයියා, රවින්ද්‍ර අයියා සහ දිනේෂ් අයියා ගොඩාක් ලොකු සපෝට් එකක් දෙන්නෙ. දැන්වීම්වලට නිරූපණය කළාට රඟපෑම කියන්නෙ හාත්පස වෙනස්. දෙබස් කියන්න තියෙනවනේ. ඒ දෙබස්වල හැටියට නියම අරුත එන විදිහට රඟපාන්න වෙනවා. හිච්චි නාට්‍යයේ මගේ නම අරුණ්යා. මේ නාට්‍යයේ පොඩි ගැහැනු ළමයෙක් ඉන්නවා. එයා තමයි හිච්චි. තව පොඩි පිරිමි ළමයෙක් ඉන්නවා. එයා සිනෙත්. මම අරුණ්යා. කතාවට මුල් වෙන්නෙ මේ තුන්දෙනා.”
අරුණ්යා කියන්නෙ?
“වලව්වක තරුණියක්. අම්මයි තාත්තයි යටතේ එයාලගෙ කීම අහගෙන ඉන්න අහිංසක චරිතයක්.”
දිනු මෙච්චරට පැහැපත් වුණේ සුදු වෙන්න ක්‍රීම් පාවිච්චි කරනවා ද?
“අපෝ නැහැ. අපේ අප්පච්චිගෙ අම්මා නුවර. සුදුම සුදුයි. ඒ පරපුරේ ජාන තමයි මටත් එන්න ඇත්තෙ. අපේ අප්ච්චිත් සුදුයි. අප්පච්චිගෙ පවුලෙ අය හරිම පැහැපත්.”
චූටි අම්මි කියලා දිනුට කියන්නේ?
“අනේ අපේ ගෙදර අය ආදරේට මට කියන්නෙ ඒ නම. අම්මා එහෙම කතා කරද්දි අනෙක් අය විහිළු කරන්නෙ හොඳ චූටි කියලයි.”
පළවෙනිම දවසෙ ‘හිච්චි’ නාට්‍යයේ රඟපාන්න ගියාම වෙව්ලන්න ගත්තේ ඇයි?
“නංගි ඔයාට ඉස්සෙල්ලාම තියෙන්නේ අමාරු වැඩක් කියලා රවින්ද්‍ර අයියා කිව්වා. පළවෙනි කොටසම පළවෙනි දවසෙ කරන්න තියෙනවා කියලා. එතකොට මාව වෙව්ලන්න ගත්තා. දෙතුන් පාරක් රිහසල් කරද්දි මට ඇඬෙන්න වගේ ආවා. ඒ කොටසට රඟපාන්න හිටියෙ ධනංජි තාරුකා අක්කා. එයා මගේ බය නැති කළා. තරංග අයියත් කියලා දුන්නා. මගේ අදහස වුණේ එක පාරටම දෙබස් ටික කියලා දැම්මම හරි කියලයි. එතකොට රඟපෑම නැතුව දෙබස් කියැවුණේ. කැමරා අධ්යක්ෂ අයියා පවා මට ලොකු සපෝට් එකක් දුන්නෙ. දැන් නම් ප්‍රශ්නයක් නැහැ.”
රඟපෑම, ඇත්ත ජීවිතේ කොහොම ද දිනුට හිතෙන්නෙ?
“කොහොමටත් මිනිස්සු කරන්නෙ රඟපෑමනෙ. වෙනසකට තියෙන්නෙ කැමරාව ඉදිරියේ රඟපාන එක විතරයි.”
දිනු ඉදිරි ජීවිතේ දිනන්න බලාපොරොත්තු වෙන්නෙ කොහොම ද?
“රඟපෑමෙන් ඉදිරියට යන්න ආසයි. ඒ වගේම රූ රැජින වගේ තරගවලට ගිහින් ජයග්‍රහණය කරන්නත් ආසාවක් තියෙනවා. ලංකාවම දන්නා හොඳ කෙනෙක් වෙන්න බලාපොරොත්තු වෙනවා. නිරූපණයෙන් ආව මට මුල හොඳට මතකයි. ජනප්‍රිය වන තරමට නිහතමානී වන කෙනෙක් මම.”
දිනු ආදරේ දිනල ද ඉන්නේ?
“දිනලා ඉන්නේ.”
ආදරේ හරියට කරන්න නම්?
“දෙන්නට දෙන්නා සම සමව ආදරේ කරන්න වගේම දෙන්නට දෙන්නා වටහා ගන්න සහ ගෞරව කරන්නත් ඕනෑ. එක පැත්තකින් විතරක් අඩු ආදරයක් ලැබුණොත් ඒක සාර්ථක නැහැ. මුහුදෙ රැලි වගේම ආදරෙත් ලස්සනට රටාවකට ගලා යනවා නම් සුන්දරයි.”
දිනු අද ලස්සන ලස්සන චරිත බොහොමයක් ඉන්නවනෙ? ඒ අය එක්ක තරගයක් දෙන්න නම්?
“මේ ඩ්‍රාමා එකේ ස්ක්‍රීන් ටෙස්ට් එකට යද්දිම මට ඒක තේරුණා. විශාල පිරිසක් ඇවිත් හිටියා. ලස්සන ලස්සන මල් වගේ ළමයි. එයිනුත් හොඳම 20ක් තෝරාගෙන අන්තිමට තේරුණේ මම. ලස්සනටම නෙවෙයි තෝරා ගත්තේ. බොහොම දක්ෂ අයත් ඉන්නවා.“
ජාත්‍යන්තර ක්‍රිකට් තරග විකාශය කරද්දී දිනුට ප්‍රේක්ෂකයින් බනින්නේ?
“ඒ, සිංගර් ඇඩ් එක නිසා. මම ඒකෙ ඉන්නවනේ. ඉතින් ප්‍රේක්ෂකයින් විහිළුවට අදහස් දාන්නෙ ‘මොන මගුලක් ද මැච් අස්සෙ මේ රූපවාහිනියට පනින්නෙ’ කියලයි. ඒක විහිළුවට කියන දෙයක්. ‘මළ කරදරේ. මැච් එක මැද්දට පනිනවා’ කියලා සමාජ මාධ්‍ය ඔස්සේ පෝස්ට් යවනවා. විහිළු තමයි ඉතින් ඒවා.”
ක්රිකටර්ස්ලගෙන් එහෙම ප්‍රේම යෝජනා ආවේ නැද්ද?
“ආවා ආවා. එතකොට මට හිත දුන්නෙ නැහැ. එයාලට ඕනෑ තරම් ඇති කියලා හිතුවේ. කොහොමටත් ආදරේදි මම හිතන්නෙ මගේ හිතට එකඟව. දැන් ඉන්නෙ හොඳට ඉගෙන ගත්තු ගැහැනු ළමයි. කවදා හරි දවසක අම්මාට තාත්තාට වගේම සැමියාටත් ශක්තියක් වෙන්න පුළුවන් නම් හොඳයි. කාටවත් බරක් නොවී ඉන්න කොහොමටත් මම ආසයි. පිරිමියාම ඔක්කෝම කරන්න ඕනෑ කියලා මම හිතන්නේ නැහැ. පුළුවන් කාලයේදී අපිත් අපේ දක්ෂතාවලින් ගෙදරට ශක්තියක් වෙන්න පුළුවන් නම් හොඳයි.”
සඳුන් ගමගේ