අදුරේදී පවා ඇය අත් නොහැරි ජීවන සෙවැනැලි ද්විත්වය ගැන අසේකා තැබූ ආදරණීය සටහන මෙන්න
පවුලෙන් ලද ආභාසය වගේම ඇගේ රූප ස්වභාවයත් ඇයට නර්තනයේ දිගු ගමනක් යන්න හේතුවක් වෙනවා. ඉතින් මේ කියන්න යන්නේ අන්න ඒ ගැන කතාවක්.. පුංචි කාලේ නැටුමට ඒ තරම් කැමති නැති අසේකා මේ පරම්පරාවේ බර ඉස්සරහට ගෙනියයිද කියන එක ඇගේ අම්මාට වගේම තාත්තාටත් ලොකු ප්රශ්නයක් වුණා. ඒත් කාලයත් එක්ක තමගේ ලේවල තියන ඒ නර්තනයට ඇය ආදරය කරන්න පටන්ගෙන.. දැන් ඇයත් දක්ෂ රංගන ශිල්පිනියක්. ඉතින් මේ එයාලාගේ කලා දිවියේ තවත් අමතක නොවෙන දවසක් ගැන අසේකා එක්කරලා තිබුණ ආදරණීය සටහනක්.
"මගේ ජීවිතයේ විශාලතම හැරවුම් ලක්ෂය... විශාලතම කඩඉම. තාත්තගේ 50ස් වසරක කලා ගමන සමරණ මේ වසරේ අම්මත් තාත්තාත් සීයාගේ සිහිනය සැබෑවක් කරන්න දරපු උත්සහය වචනයයෙන් කියා නිම කළ නොහැකි පරිශ්රමයක උත්තරීතර ප්රතිඵලයක්.
චන්න විජේවර්ධනයන්ගේ සහ උපුලි පණීභාරතයන්ගේ එකම දියණිය වී ඉපදීම ආත්ම ගානක ඉදන් රැස් කරගත්තු පිං ගොඩක ප්රතිපලයක් කියා මට හැගුනු වාර අනන්ත උනත් සදකඩ එය අප්රමාණ සංකේතය යි. තාරාගේ චරිතයට පන පොවන්නට මට දුන් අවස්තාවටත්මා කෙරෙහි තැබූ විශ්වාසයටත් මාගේ ආදරණීය ගුරුවරුන් මෙන්ම අදුරේදී පවා මා අත් නොහැර ගිය මාගේ ජීවන සෙවැනැල්ල වන දෙමව්පියන්ට මා සදා ණයගැතී..
සදකඩ නරඹන්නට ආ ඔබ සියලු දෙනාටම චන්න උපුලී නර්ථනායතනයේ ගෞරවය. ආදරණීය ඇගයීම් සංවේදී සියුම් ප්රතිචාර මගේ හදවතේ නොමැකෙන මතකයන් වී ඇති අතර ඒ මතක නව නිර්මාණ ලෙස මතු දිනයකදී ඉපදෙනු ඇත
ඒ ආදරයට අපි හරි ආදරෙයි
“සියල්ලෙහි පරිසමාප්තික අවසානය සනිටුහන් කරමින් සසර ගමනේ ක්ලේශ මාරයෝ පිටුදැක, ජීවිතයේ විඳි සියලු හැඟීම් ලෝකයා වෙත මුදා හරිමින් තාරා චිත්තවේගීය බරින් සැහැල්ලු වී ඇගේ ජීවිතය නිවීම වෙත ළංවීමේ මාර්ගය සොයා යනු ඇත.
ඉඳින්, තාරා නුදුරේ ම නිවෙනු ඇත."