අදටත් මගේ ගීතවලට ප්‍රිය කරන රසික රසිකාවියන් ලංකාව පුරාම ඉන්නවා
කලාව කියන්නේ හරිම සුන්දර දෙයක්. ඒ කලාව තුළ තමාගේ දක්ෂතා දැක්වීමට හැකිවන්නේ බොහොම සුළු පිරිසකට පමණි. ඉතින් එවැනි සුන්දර කලාව තුල ගායනයෙන් වගේම රංගනයෙන් තමාගේ දක්ෂතා පෙන්වන ජනප්‍රිය රංගන මෙන්ම ගායන ශිල්පියෙකු වන චතුර දිසානායක සමඟ මෙවර අපි කතා බහක නිරත වුණෙමු.
ඔබ ගැන සඳහන් කළොත් ?
මම චතුර දිසානායක. මගේ පාසල කෑගල්ල ශාන්ත මරියා මහා විද්‍යාලය. සාමාන්‍ය පෙළ සහ උසස් පෙළ විභාග දෙකම අවසන් කරන්නේ ශාන්ත මරියා විද්‍යාලයෙන්. ඒ වගේම මම සංගීත විෂයේ ඉදිරියටම ගිය පුද්ගලයෙක්. මේ වන විට මම සංගීත විශාරද විභාගය සමත්ව සංගීත අංශයෙන් ද වැඩ කටයුතු කරගෙන යනවා.
චතුර ගෙදරදී මොන වගේ කෙනෙක්ද ?
මම කුඩා කල සිටම දක්ශ ළමයෙක්. ඒ දේවල් වැඩිදියුණු කළේ මගේ අම්මා, තාත්තා සහ අක්කා. මගේ මවද ගුරුවරියක් වීම මගේ ගමන තුළදී තවත් සුවිශේෂී දෙයක්. ඒ වගේම මම කුඩා කාලයේදී ටිකක් දඟ පුද්ගලයෙක්.
කොහොමද මේ දිනවල කලා කටයුතු ?
මේ දිනවල "තේරේවි සහ අසාධාරණේ" කියලා මගේ සංගීත නිර්මාණ දෙකක් යූටියුබ් හරහා දැකගන්න පුළුවන්. ඒ වගේම "සමනල කදුළු" නම් ටෙලිනාට්‍යය එළිදැක්වීමට නියමිතව තිබෙනවා. ඒ සමඟම මම ගායනා කරන ටෙලිනාට්‍යය ගීත දෙකක් මේ මාසයේදී දැකගන්න හැකියාව ලැබෙයි. මා විසින් තනු නිර්මාණය කළ සහ මා ලියූ ගීත හතරක් ඉදිරියේදී ඒමටත් නියමිතයි. ඊට අමතරව මම වෙනත් ගායක ගායිකාවන්ට ගීත සියයකට ආසන්න සංඛ්‍යාවක් නිර්මාණය කර, තනු නිර්මාණය කරලා තියෙනවා.
කුඩා කාලයේදී චතුර කලාවට දැක්වූ කැමැත්ත මොන වගේද ?
කුඩා කාලයේ සිටම සංගීතයට ප්‍රිය කළා. ගොඩක් වෙලාවට මට ලැබුණු ගුරුහරුකම් සමඟ මගේ සංගීත ජීවිතය මට පැහැදිලිව පෙනුණා. පාසලේදී විෂයක් විදියට සාමාන්‍ය පෙළ සහ උසස් පෙළට සංගීතය විෂයක් ලෙස තෝරගත්තා. ඒ අතරින් ගීත ගායනයට වඩා වාදනයට ලොකු කැමැත්තක් දැක්වුවෙ. පසුකාලීනව විවිධ ගායන තරඟ වලට ඉදිරිපත් වීමේදී තමයි මම දැනගත්තේ මට ගායනා කරන්නත් පුළුවන් කියලා.
කොහොමද චතුර කලාවට සම්බන්ධ වෙන්නේ ?
ඇත්තටම මුලින්ම කලාවට සම්බන්ධ ෙවන්නේ දහම් පාසලෙන්. මගේ ගීත ගායන හැකියාව මුලින්ම හඳුනාගන්නේ මගේ අම්මා. ඇය නොහිටින්නට අදටත් චතුර දිසානායක කෙනෙක් නැහැ. ඇය තමයි මාව දහම් පාසලේදී තරගවලට ඉදිරිපත් කර ගීත ගායනා හැකියාව වැඩි දියුණු කළේ. ඉන් පසුව මම දෙරණ dream star තරගයට ඉදිරිපත් වෙනවා. පසුව ඒ හරහා අවසාන අදියර දක්වා පැමිණෙනවා. ඒ කාලය තුළ මට බොහෝ සංගීත ප්‍රසංග වලට ආරාධන ලැබෙනවා. විශේෂම සිදුවීම මම ගායකයෙකු සේ පැමිණියද රංගන ක්ෂේත්රයට සම්බන්ධ වෙන්නේ අහම්බයෙන්. ඒ සඳහා අවස්ථාව හිමි වෙන්නේ නිරුක්ෂාන් ඒකනායක හරහා. ඒ සමඟම මම රංගන ක්ෂේත්රයේ චරිත රැසකට රංගනයෙන් දායකත්වය ලබා දීලා තියෙනවා. විශේෂම කාරණාව වෙන්නේ ලංකාවේ පතාක යෝධයකු වන ප්‍රසන්න විතාන මහතා අධ්‍යක්ෂණය කර ලංකාවේ ජනප්‍රියට පත් වූ වෙළෙඳ දැන්වීමකට මා ප්‍රධාන චරිතය ලෙස තෝරාගැනීමයි. මගේ රංගන ගමනට හැරවුම් ලක්ෂය ලැබෙන්න එතැනින්. මට ඒ වෙනුවෙන් මගපෙන්වන්නේ ප්‍රශාන්ති කියලා අක්කා කෙනෙක්. සමහරවිට ඇය නොහිටින්න එම අවස්ථාව නොලැබෙන්නට ඉඩ තිබුණා.
ඔබ රංගනයෙන් සහ ගායනයෙන් සහභාගී වුණු නිර්මාණ ගැන සඳහන් කළොත් ?
ටෙලි නාට්‍ය පැත්තෙන් ගත්තොත් මම මුලින්ම රංගනයෙන් දායක වෙන්නේ දෙවනි ඉනිම ටෙලිනාට්‍යයට. පසුව ක්ලික්" නාට්‍යය "නෝ පාකින් " වගේම ඉන් පසුව "අඩෝ" ටෙලි නාට්‍ය , "රෑනගල වලව්ව" ටෙලි නාට්‍යයන්ට රංගනයෙන් දායක වුණා. මෑතකදී "සමනල කඳු" ටෙලි නාට්‍යය විකාශය වීමට නියමිතයි. ඒ වගේම සංගීතය පැත්තෙන් කතා කළොත් මගේ පළවෙනි ගීත නිර්මාණය "ආදරෙන් අපි ළං වෙලා" ඉන් අනතුරුව "නිම්නාවිය" ගීතය ද "ශුංගාරි" "අසාධාරණය" කියන ගීත, ජනතාව ගොඩක් වැළඳ ගත් සංගීත නිර්මාණ අතර තියෙනවා. ඉදිරියේදී "හිතට හිත හිමිවෙලා" ගීතය එන්න තියෙනවා.
කලාවට අමතරව ඔබේ වැඩකටයුතු ගැන සඳහන් කලොත් ?
කලාවට අමතරව මම මේ වන විට පුංචි ව්‍යාපාර කිහිපයකට අතගහලා තියෙනවා. ඊට අමතරව මගේ අම්මගේ ව්‍යාපාරවලට සහය ලබා දෙමින් ගොඩක් වෙලාවට ගෙදර තමයි ඉන්නේ.
චතුරගේ ගමනට ගෙදර අයගෙන් ලැබුණු සහයෝගය මොන වගේ ද ?
ඇත්තටම ගෙදර අයගෙන් මට ගොඩක් ලොකු සහයෝගයක් ලැබුණා. ඒ ලැබුණ සහයෝගය මත තමයි මේ ගමන ආවේ. මගේ අම්මා තාත්තා අක්කා මට දුන්න සහයෝගය කියල නිම කරන්න බෑ. මුලින්ම මගේ සංගීත ගුරුවරිය වුණෙත් මගේ අම්මා.
කොහොමද ලැබෙන ප්‍රේක්ෂක ප්‍රතිචාර ?
ඇත්තටම ප්රේක්ෂකයන්ගෙන් ලැබෙන ප්‍රතිචාර නම් බොහෝමයි. මම එක දේකට කොටුවෙලා ඉන්න කෙනෙක් නෙමෙයි. මම ගායනයටත් රංගනයටත් එක වගේම දායකත්වය ලබා දෙනවා. අදටත් මගේ ගීතවලට ප්‍රිය කරන රසික රසිකාවියන් ලංකාව පුරාම මෙන්ම වෙනත් රටවලද ලාංකිකයෝ ඉන්නවා. ඒ නිසාවෙන්ම විදෙස් ප්‍රසංග වලටද ආරාධනා ලැබෙනවා. ඇත්තටම කලාකරුවෙක් විදියට මම ලබන ලොකුම සතුටත් මගේ ප්රේක්ෂකයන්ගෙන් ලැබෙන ආදරණිය ප්‍රතිචාර.
අමා අලහකෝන්