අතීත මතක සිහිකරමින්, ප්‍රින්ස්ගේ වෙන්ව යාම ගැන සංවේදී සටහනක් තැබූ දයාන්



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

ආදරණීය හඬක හිමිකාරයෙක් වූ ඔහුගේ වෙන්ව යාම ගැන දයාන් විතාරණයන් තැබූ සටහනක් සමාජ මාධ්‍ය‍යේ දක්නට ලැබුණා.  
ඒ සංවේදී ඡායාරූපයක්ද සමඟයි.
 
ආදරණීය ප්‍රින්ස් අපෙන් සමුගෙන පස් වසරක්.

අතිශය ජනප්‍රිය ගායකයෙකු වූ ප්‍රින්ස් උදය ප්‍රියන්ත පස්වසරකට පෙරාතුව අද වැනි දිනෙක අප අතරින් වියෝ විය. 2002 වසරේ මා ගායකයෙක් වන කල ඔහුගේ "සීගිරියේ කුරුටු ගීත...................." ගීතය කෙතරම් ජනප්‍රිය වී ද යත් එම කැසට්පටය මිළදී ගැනීමට දිගු පෝලිම් පවා තිබු බව මතකය. අතිශයින් ජනප්‍රිය වූ රසික සිත් දිනාගත් සංවේදී ගායකයෙකු වුවද ඔහු අපෙන් බොහෝ වේලාසනම නික්ම යෑම කණගාටුවකි. 
 
"සිටු කුමාරියක් දීගෙක යනවා...............", "සඳ රේණු වෑහෙනා...........", "වෙරළ කොණක හිඳ.............", "සුදු මල් පොකුරක්.............", "මා හඬවලා.........." සහ "ඔබ පෑ පෙම් සිනා............." වැනි ඔහු ගැයූ අතිශය ජනාදර ගීත රාශියකි. 
 
කලක් රෝගාතුරව සිටි ප්‍රින්ස්ගේ සුව දුක් බැලීමට මා රෝහලට ගොස් ඔහු වඩාත් සුව අතට හැරෙමින් ඇති බව දන්වා සිටි මගේ මුහුණුපොතේ සටහනට ලැබුනු ප්‍රතිචාර ඉමහත් ය.කෙසේ හෝ ප්‍රින්ස් දැන් අප අතර නැත. වයස 47ක් වැනි කෙටි ආයු කාලයකින් ඔහු නික්ම යෑම කෙතරම් අභාග්‍යයක්දැයි සිතේ.
 
ප්‍රින්ස් උදය ප්‍රියන්ත සොයුරාට අමා මහ නිවන් සුව වැඩි ඈතක නොවේවායි පතමි !!!