Trending වෙන සෙල්ලම් රැසක් සමඟින් The Voice Sri Lanka යළිත්
ශ්‍රී ලංකාවේ නවමු රියලිටි අත්දැකීම ප්‍රේක්ෂකයාට සමීප කරමින් සිරස Voice Sri Lanka හි තුන්වන අදියර පසුගිය ආරම්භ කෙරිණි.
ඒ අනුව කවදත් වෙනස් අත්දැකීම් සමීප කරන සිරස TV නාලිකාව තුළින් මේ මස 14 වෙනිදා සිට සති අග රාත්‍රී 8.30ට Voice Sri Lanka හි තුන්වන අදියරෙහි ආස්වාදය ලාංකීය ප්‍රේක්ෂකයින්ට රසවිඳීමට හැකිවනු ඇති.
“The Voice” ප්‍රසිද්ධ නෙදර්ලන්ත ජාතික වැඩසටහන් නිෂ්පාදකවරයෙකු වන ජෝන් ද මෝල්ගේ සංකල්පයකි.
ජාත්‍යන්තරය තුල පෙරළිකාර ගායන තරු රැසක් බිහිකළ “The Voice” සන්නාමය ආශ්‍රයෙන් සිරස TV, The Voice Sri Lanka, The Voice Kids Sri Lanka සහ The Voice Teens Sri Lanka හදුන්වා දෙන ලදී. එහි තිබූ නැවුම් හා තරඟකාරී බව නිසාම අනෙකුත් සියළු තරඟකාරී රියැලිටි වැඩසටහන් අභිබවමින් අතිමහත් ප්‍රේක්ෂකාදරයක් මෙම වැඩසටහන් ත්‍රිත්වයම දිනා ගන්නා ලදී.
නව පරපුරේ මෙන්ම පැරණි පරපුරේ ගීත රැසක් මේ අදියර සදහා ඉදිරිපත් වන තරඟකරුවන් විසින් ගායනා කරනු ඇත. ප්‍ර
වීණ ගායන ශිල්පීන් වන රයිනි චාරුකා, සුපුන් පෙරේරා, මිහිදු ආරියරත්න සහ හිරුෂි ජයසේන මෙහි පුහුණුකරුවන් ලෙස කටයුතු කරයි.
වැඩසටහන මෙහෙය වන්නේ ජනප්‍රිය රංගන ශිල්පී සුමිරාන් ගුණසේකර විසිනි.
Blind Auditions, Battles, Knockouts, Super Knockouts, Live Shows, Quarter Finals, Semi Final සහ Final ලෙසින් මාස හයක් පුරාවට වැඩසටහන් 52ක් The Voice Sri Lanka තුන්වන අදියරේදී දිගහැරෙනු ඇත.
පෙර අදියරයන් සේම මෙම අදියරේදීත් සියළුම වැඩසටහන් දකුණු ආසියාවේ විශාලතම මැදිරි සංකීර්ණය වන Stein Studios තුලදී පටිගත කෙරෙන්නේ අසමසම තාක්ෂණයකින් මෙන්ම වෘත්තීමය වශයෙන් දැවැන්ත නිෂ්පාදක කණ්ඩායමකගේ සුසංයෝගයෙනි. එමෙන්ම මෙවර නිර්මාණය වන Voice වේදිකාවේ වෙනස්කම් රාශියක් මෙන්ම අළුත්ම මුහුණුවරක් ද දක්නට ලැබෙනු ඇත.
Voice Sri Lankaහි පූර්ව පරීක්ෂණ වටයන් (Auditions) ස්ථාන 14කදී පැවති අතර ඒ සඳහා ඉදිරිපත් වූ දහස් සංඛ්‍යාත තරඟකරුවන් අතරින් 160ක් Blind Auditions වටය සඳහා තෝරාගන්නා ලදී.
මෙහිදී තරගකරුවන් ගායනා කරන සෑම ගීතයක් සඳහාම එකී ගීතයේ අදාළ භාවිත කිරීම වෙනුවෙන් ගාස්තුවක් හෝ ඒ සඳහා වන කර්තෘභාගය උදෙසා මුදලක් MTV ආයතනය මගින්, අදාල අයිතිකරුවන් හෝ කර්තෲන් වෙනුවෙන් වෙන් කරනු ලබයි.