The Voice Kids Sri Lanka සෙනසුරාදා සිට
සිරස ටීවි ආයතනය මගින් විකාශය කෙරුණු ජාත්‍යන්තර රියලිටි ටීවි වැඩසටහනක් වන ද වොයිස් (The Voice) හි නවතම රියලිටි වැඩසටහන වන 'ද වොයිස් කිඩ්ස්' (The Voice Kids Sri Lanka) පළමු වැඩසටහන එළිදැක්වීමේ අවස්ථාව පසුගිය 19වැනිදා රත්මලාන Stein Studios මැදිරි සංකීර්ණයේදී පැවැත්විණි.
දිවයින පුරා විසිරී සිටින අවුරුදු 7ත් 14ත් අතර වයසේ පසුවන කුඩා ළමුන් 25,000කට ආසන්න පිරිසක් මූලික හඬ පරීක්ෂණයකට භාජනය කර ඉන් තෝරා ගත් දක්ෂතාවෙන් සපිරි කුඩා දරුවන්ගේ ගායන හැකියාවන් මෙම %ද වොයිස් කිඩ්ස්^ හරහා පළමු වරට ශ්‍රී ලාංකික ප්‍රේක්ෂකයන් හට ලබා දීමට සිරස ටීවි ආයතන කටයුතු කරනු ලබයි.
'ද වොයිස් කිඩ්ස් ශ්‍රී ලංකා' වැඩසටහනෙහි නදිනි ප්‍රේමදාස, ප්‍රදීප් රංගන, උරේෂා රවිහාරි සහ හර්ෂණ දිසානායක විනිශ්චය සඳහා දායකත්වය ලබා දෙන අතර නිවේදන දායකත්වය නතාෂා පෙරේරාගෙනි.
ඒ අනුව ද වොයිස් කිඩ්ස් ශ්‍රී ලංකා වැඩසටහන එළඹෙන සෙනසුරාදා සිට සෑම සෙනසුරාදා දිනකම රාත්‍රී 7.30ට විකාශය කිරීමට නියමිතය.
The Voice හි ජාත්‍යන්තර හිමිකාරිත්වය දරන ITV Global නම් වූ වරලත් ආයතනයේ 'ද වොයිස් කිඩ්ස්' (The voice kids) වැඩසටහනද ලොව පුරා බොහෝ රටවල් ප්‍රමාණයක විකාශය වන ජාත්‍යන්තර වැඩසටහනක්ද වන අතර ශ්‍රී ලංකාව තුළ මින් පෙර The Voice සහ The Voice Teens රියලිටි වැඩසටහන් විකාශය කිරීමට සිරස ටීවී ආයතනය කටයුතු යොදා තිබුණි.
තිසර ගංගාදර