Sri Lanka’s Got Talent අවසාන රාත්‍රියේ කිරුළ රවින්ද්‍ර කුමාරට



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

ලෝකය පුරා අතිමහත් ප්‍රේක්ෂක ආකර්ෂණයක් දිනාගත් Got Talent වැඩසටහනේ ශ්‍රී ලාංකීය මුහුණුවරේ දෙවන දිගහැරීමේ අවසාන මහා රාත්‍රිය පසුගියදා (13 වැනිදා) රාත්‍රී 7.30 සිට රත්මලාන Stein Studios පරිශ්‍රයේදී පැවැත්විණි.

මෙහි විනිශ්චයකරුවන් ලෙස අඛිල ධනුද්දර, සංගීතා වීරරත්න, ධනු ඉන්නාසිතම්බි සහ නටාශා රත්නායක ක්‍රියා කල අතර වැඩසටහන ඉදිරිපත් කිරීම ජනප්‍රිය YouTube තරු දෙපලක් වන ජනා සහ ප්‍රියා විසින් සිදු කරන ලදී.. මාස තුනක් පුරාවට දිගහැරුණු වැඩසටහන් 26ක් තුළ ලාංකීය පොළවෙන් බිහිවූ තරඟකරුවන් ගණනාවකට තමන්ගේ විවිධාකාර වූ දක්ෂතාවයන් ජාත්‍යන්තර තලයේ වේදිකාවක ඉදිරිපත් කිරීමට Sri Lanka’s Got Talent වැඩසටහන හරහා අවස්ථාව ලැබිණි.

මෙම වැඩසටහනේ අවසන් පූර්ව තරඟය ඔක්තෝබර් මස 06 වනදා පැවති අතර ඒ සඳහා තරඟකරුවන් 12ක් සුදුසුකම් ලබා තිබිණි.. ඒ අතරින් විනිශ්චය මණ්ඩලයේත්, SMS මනාපයෙනුත් අවසන් මහා තරඟය වෙනුවෙන් තරඟකරුවන් 6ක් සුදුසුකම් ලැබීය.. ඒ අලුත්ගමින් මාත්‍රා නර්ථන කණ්ඩායම, බණ්ඩාරවෙලින් අම්රිතා නර්ථන පාසල, ගාල්ලෙන් නිපුන with Step Up නර්ථන කණ්ඩායම, කොළඹින් CJ Crew නර්ථන කණ්ඩායම, සර්කස්කරුවෙකු ලෙස ගාල්ලෙන් පැමිණි රවීන්ද්‍ර සහ රත්නපුරෙන් පැමිණි ටයිකොන්ඩෝ කණ්ඩායමක් වූ Diamond Kickය.

අතිශය තරඟකාරිත්වයකින් පැවැති අවසාන මහා තරඟයේදී අන් සියලු කණ්ඩායම් පරදවමින් රවින්ද්‍ර කුමාර කිරුළ දිනාගන්නා ලදී.