LPL සමාරම්භයේ ගැයුණු ජාතික ගීය ගැන විමර්ශනයෙන් පසු ඇහෙන අලුත්ම කතාව මෙන්න



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

ප්‍රිමියර් ලීග් තරගාවලිය ගැන පසු ගිය දවස්වල බොහෝ දෙනා කතා කළා. ඒ තරගයේ උණුසුම නිසාම නෙවෙයි. ඒ වගේම බොහෝ දෙනා මේ ගැන කතා කරන්නට ගත්තේ ජාතික ගීයේ “මාතා’’ යන පදය වෙනුවට “මහතා’’ යැයි ගායනා වීමත් සමගයි. කොහොම වුණත්, මේ කියන්න යන්නේ ඒ ගැන ඇහෙන අලුත් කතාව.

ලංකා ප්‍රීමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ සමාරම්භක උත්සවයේදී ගායන ශිල්පිනී උමාරා සිංහවංශ විසින් ජාතික ගීය ගායනා කළ ආකාරය පිළිබඳ බොහෝ විවේචන එල්ල වූ අතර, ඊට නිසි විමර්ශනයක් ආරම්භ කිරීමට රජය විසින් මැදිහත් වූයේ ඉන් පසුවයි.....

මේ සිද්ධිය සම්බන්ධයෙන් සොයා බැලීම සඳහා රාජ්‍ය පරිපාලන හා ස්වදේශ කටයුතු අමාත්‍යාංශයේ ලේකම්වරයා විසින් කමිටුවක් පත් කරනු ලැබුවේ ඒ අනුවයි.

ස්වදේශ කටයුතු අමාත්‍යාංශයේ අතිරේක ලේකම්වරයකු සහ විමර්ශන නිලධාරියකු එම කමිටුවේ සාමාජිකයන් ලෙස පත් කෙරුණ අතර මේ ගැන ලංකා ප්‍රීමියර් ලීග් තරගාවලිය සංවිධානය කරන ලද ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයෙන් සහ ගායන ශිල්පිනී උමාරා සිංහවංශගෙන් ද ප්‍රකාශ ගැනීමට එම කමිටුව කටයුතු කර තිබුණා.

කොහොම වුණත් මේ විමර්ශනවලදී පැහැදිලි වී තිබුණේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුව ජාතික ගීයේ අදාළ පදමාලා මධ්‍ය ස්වරයෙන් ගායනා කළයුතුව තිබුණත්, ගායන ශිල්පිනිය එය උච්ච ස්වරයෙන් ගායනා කර ඇති බවයි.

මෙහිදී සිදුකළ පරීක්ශනවලින් අනතුරුව ඉකුත් සිකුරාදා ඊට අදාල වාර්තාව රාජ්‍ය පරිපාලන හා ස්වදේශ කටයුතු අමාත්‍යාංශයේ ලේකම්වරයාට භාරදී තිබෙනවා.