’’Happy 365 Days’’ ගයාන් පෙරේරා සුරූපී පෙම්වතිය එක්ක පළවෙනි ඇනිවසරිය සමරලා



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

කලක් මෙරට ගීත ක්ෂේත්‍රය වෙනස්ම මානයකට රැගෙන ගිය සංගීත කණ්ඩායම් අතර ඩැඩී සංගීත කණ්ඩායමට හිමිවන්නේ ප්‍රමුඛ ස්ථානයක්. එහි හිටපු නායකයා තමයි ගයාන් පෙරේරා. ඔහු දැන් පෙම්වතෙක් බව ප්‍රසිද්ධියේ මාධ්‍යයට ප්‍රකාශ කර අවසන්.

ඔහු ප්‍රමුඛ ඩැඩී කණ්ඩායම තැනූ ගීත එකල රසිකයන් අතර ජනප්‍රිය වුණා. පසුව ක්ෂේත්‍රයෙන් ඈත්ව වසර අටක කාලයක් ඇමරිකාවේ විසූ ගයාන් පෙරේරා තම පියා වන සුනිල් පෙරේරාගේ වියෝවෙන් අනතුරුව ලංකාවට පැමිණ තියෙනවා. ඉතා සුළු කාලයකින් ගීත ක්ෂේත්‍රය තුළ නැවතත් කැපී පෙනෙන චරිතයක් බවට පත්ව ඇති ගයාන් අලුත් ගීතයක්ද නිර්මාණය කර හමාරයි.

ගයාන්ගේ පෙම්වතියගේ නම සෙලීනා කුරේ. ඊයේ ඔවුන් දෙදෙනාගේ පලමුවන ප්‍රේම සංවත්සරය යෙදිලා තිබුණා. ගයාන්ගේ පෙම්වතිය මේ සඳහා ගයාන්ට සුබපතලා ඇගේ ෆේස්බුක් ගිණුමේ ඔවුන් දෙදෙනා ඉන්න ඡායාරූපයක් පල කරලා තිබුණා. ගයාන් එය නැවත තමන්ගේ ෆේස්බුක් ගිණුමේ පල කරලා තිබුණා.

පහත දැක්වෙන්නේ ඒ ඡායාරූපයයි.