‘Five Million Money Drop’ දෙවැනි අදියර ඇරඹෙයි
පසුගිය වසරේදී සිරස ටීවී ආයතනය මගින් විකාශය කෙරුණු ‘Money Drop’ වැඩසටහනෙහි දෙවැනි අදියරෙහි ඇරඹුම පිලිබඳ මාධ්‍ය දැනුවත් කිරීම පසුගිය 28 වැනිදින රත්මලාන Stein Studios මැදිරි සංකීර්ණයේදී පැවැත්විණි.
ඒ අනුව එලැඹෙන සැප්තැම්බර් 02 වැනිදා සිට සෑම සෙනසුරාදා සහ ඉරිදා දිනකම රාත්‍රි 9 සිට 10 දක්වා එම වැඩසටහන විකාශය කිරීමට සිරස ටීවි ආයතනය කටයුතු සලසා තිබේ. එමෙන්ම මෙවර වැඩසටහනද චරිත් අබේසිංහ විසින් මෙහෙයවනු ලබයි. ‘Money Drop’ දෙවැනි අදියරද කොටස් 50කින් සමන්විත වන අතර අදාල තරඟය තුල එකිනෙකා හඳුනන තරගකරුවන් දෙදෙනෙකුට සාමාන්‍ය ප්‍රශ්ණ 7කට මුහුණු දීමට සිදුවෙයි. එහිදී අදාල ප්‍රශ්ණ 7 අවසානයේදී ඉතිරිවන මුදල ජයග්‍රාහී මුදල ලෙස අදාල තරගකරුවන් වෙත හිමිවනු ඇත.
‘Money Drop’ දෙවැනි අදියර පිලිබඳ මාධ්‍ය දැනුවත් කරමින් අදහස් දැක්වූ MTV ප්‍රධාන විධායක නිලධාරී මෙන්ම සිරස ටීවි නාලිකා ප්‍රධානී නීතිඥ සුසාර දිනාල් මහතා සඳහන් කරනුයේ මෙවර වැඩසටහන මුල් වැඩසටහනට වඩා නව්‍යකරණයකින් සහ විනෝදාස්වාදයෙන් යුතුව ප්‍රෙක්ෂකයා වෙත ගෙන ඒමට සිරස ටීවි ආයතනය කටයුතු සූදානම් කර ඇති බවයි. එහිදී තරඟකරුවන්ගේ ගීත ගායනය, නර්ථනය ඇතුලු විනෝදාස්වාද රැසක් මෙවර ප්‍රේක්ෂකයා වෙත ගෙනඒමට මෙම වැඩසටන තුල සැලසුම් කර ඇතැයිද ඔහු පැවසීය.
&ගොඩක් විනෝදාස්වාදයෙන්, සැහැල්ලුවෙන් ඉන්න තරඟකරුවෝ තමයි මේකට සම්බන්ද වෙන්නේ. ඒක මේ ආකෘතියේ තියන එක ලක්ෂණයක්. ඒ වගේම මේකේ ආකෘතිකමය වශයෙන් තියනවා ගොඩක් වෙනස්කම් ඉතිං ඒක ප්ලේ කරන්න හොඳ ජෝඩුවක් ඉන්න ඕනේ. ඒ නිසා තමයි ජෝඩු කියන සංකල්පය අපි මෙවර ප්රමුඛව ප්‍රේක්ෂකයාට ඉදිරිපත් කරලා තියන්නේ. ඒ ජෝඩුව ඒක ප්ලේ කරන විදිහත් එක්ක තමයි මේක ප්‍රෙක්ෂකයා තමන්ගේ බවට පත්කරගන්නේ. ඒ වගේම අපි බලාපොරොත්තු වෙනවා ජනප්‍රිය චරිත වැඩි පිරිසක් මෙවර වැඩසටහනට සම්බන්ධ කරගන්න සහ ඒ හරහාත් ප්‍රේක්ෂකයින්ට විනෝදාස්වාදය උදෙසා වැඩි කාලයක් වෙන් කිරීමටත් අපි බලාපොරොත්තු වෙනවා * යැයි ඔහු එහිදි වැඩිදුරටත් පැවසීය.
නෙදර්ලන්තයේ මාධ්‍ය ආයතනයක් වන Endemol විසින් හඳුන්වාදුන් ‘Money Drop’ අන්තර්ජාතිකව ව්‍යාප්තව ඇති වැඩසටහනක් වන අතර මෙය එක්සත් රාජධානිය තුල විකාශය වන්නේ The Million pound Drop Live යන නමිනි. එහි ශ්‍රී ලංකා විකාශන අයිතිය සිරස ටීවි ආයතනය සතු වෙයි.