B Positive හි ලසිත පෙරේරාගෙන් පෙරළිකාර ගීතයක් එළිදකියි
මීට දශක දෙකකට පමණ පෙර පටන්ම ලංකාවේ ගීත ලෝලීන් ආදරෙයන් වැළඳගත් සංගීත කණ්ඩායමක් තමයි B Positive. ඔවුන් නිර්මාණය කළ ගීත අදටත් ජනප්‍රියයි. එමෙන්ම ඒ ගීත තවමත් අතීතකාමයෙන් අසන පිරිසක් සිටිනවා. කෙසේවෙතත් B Positive හි ලසිත පෙරේරා පසුගිය දා නැවතත් කරලියට පැමිණියා. ඒ ඔහුගේ නවතම ගීතයත් සමගින්.
'උමුතු වෙලා' ඔහුගේ නවතම ගීතයයි. මේ වනවිට සමාජ මාධ්‍ය හරහා නැරඹීමට අවස්ථාව තිබෙනවා. ඒ පිළිබඳව ඔහු පැවැසුවේ මෙවැන්නකි.
මේ ගීතය EDM වලට බර ලැටින් ටයිප් ගීතයක්. ගීතයේ මියුසික් කළේ මගේ පුතා ඔමිත් පෙරේරා. තනුව සහ වචන මගේ. මේකේ මාත් එක්ක වොයිස් කරනවා ගායත්‍රී. එයයි මමයි තමයි ගීතය ගායනය කරන්නේ. වීඩියෝ එක කළේ චමු ශ්‍රී. මෙම ගීතය පසුගියදා නුවර cocoba එකේදී නිල වශයෙන් එළිදැක්වූවා. ඒකට විශේෂ අමුත්තන් කිහිප දෙනෙක්ම පැමිණුනා.
ඔහුගේ නවතම ගීතය මේ වනවිට රසිකයන් සඳහා බාර කර තිබෙනවා. ඉතිං එම ගීතය රසවිඳින ලෙස ආදරණීය රසිකයන්ගෙන් ඔහු ඉල්ලා සිටිනවා.