20 වෙනි රයිගම් ටෙලීස් සඳහා අයදුම් පත් බාරගැනීම අරඹයි



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

විවිධ කලා ක්ෂේත්‍රයන්හී නියැලී සිටින ශිල්පීන්ගේ නිර්මාණ කුසලතාවයන් ඇගයීම උදෙසා රයිගම් සමූහ ව්‍යාපාරය මගින් 20 වෙනි වරටත් සංවිධානය කරනු ලබන රයිගම් ටෙලීස් සඳහා අයදුම් පත් බාරගැනීම 15 වැනි දින සිට ආරම්භ විය.

සම්මාන කුලක හතක් සහ උළෙල දෙකකින් සමන්විත වන මෙහි ටෙලි නාට්‍ය විශිෂ්ටතා, රෑපවාහිනී මාධ්‍ය විශිෂ්ටතා, ජනප්‍රිය සම්මාන, ජනගත සම්මාන කුලකය, ප්‍රණාම සම්මාන, සහ රෑපවාහිනී නාලිකා ඇගයීම ආදි කුලක යටතේ ජයග්‍රාහකයන් හට පමණක් නොව නිර්දේශ ලාභීන් සඳහා වර්ශයක කාලයක් සඳහා රුපියල් ලක්ෂයක වෛද්‍ය රක්ෂණයක් සමග රුපියල් මිලියනයක ජීවිත රක්ෂණයක් තිලිණ කරන අතර මෙවර 20 සංවත්සරය අරබයා විශේෂ සමරු තිලිණයක් ප්‍රධානය කිරීමට සංවිධායක මණ්ඩලය තීරණය කර තිබේ. එමෙන්ම නිර්දේශ ලාභීන් ඇගයීම සඳහා මුදල් තිලිණ ප්‍රධානය කරන අතර එය මෙවර රුපියල් ලක්ෂ 33 දක්වා වැඩි කිරීමටද පියවර ගෙන තිබේ.

එලැඹෙන 2024 වසරේ ජනවාරි 15 වැනි දිනට 2023 වර්ශයට අදාල අයදුම්පත් හා නිර්මාණ බාරගන්නා අවසාන දිනය වන අතර ජනප්‍රිය සම්මාන සඳහා මනාප සලකුණු කිරීමට ජංගම යෙදවුමත්(App), SMS පණිවිඩත් 2024 මාර්තු 01 දින සිට ආරම්භ වන අතර එය මාර්තු 29 වැනි දින මධ්‍යම රාත්‍රියෙන් අවසන් වීමට නියමිතයි.  පසුව 2023 මාර්තු 01 වැනි දින නිර්දේශ නාම උත්කර්ෂණ උළෙල බත්තරමුල්ල වෝටර්ස් එජ් පරිශ්‍රයේදීත්, මාර්තු 30 වැනි දින අවසන් සම්මාන රාත්‍රිය කොළඹ ශැංග්‍රිලා හෝටලයේදී පැවැත්වෙයි.

මෙවර රයිගම් ටෙලීස් විනිශ්චය මණ්ඩලයේ සභාපතිත්වය බුද්ධදාස ගලප්පත්ති මහතා විසින් දරනු ලබන අතර මහාචාර්ය අජන්තා හමුආරච්චි, මහාචාර්ය රෝහිනී පරණවිතාරන, ආචාර්ය හංසමාලා, රිටිලහපොල, ජයනාත් ගුණවර්ධන, රංග දසනායක, සමන් වික්‍රමාරච්චි, සුදත් දේවප්‍රිය, අබ්දුල් හමීඩ් යන මහත්ම මහත්මීන් සාමාජිකත්වය දරනු ලබයි.

මෙවර උළෙල සඳහා සුදුසුකම් ලබනුයේ 2023 වසරේ අවසාන කොටස විකාශය කල දේශිය ටෙලිනාට්‍ය, 2023 වසරේදී ශ්‍රී ලංකාව තුල රෑපවාහිනි නාලිකාවක් ඔස්සේ ප්‍රථම වරට විකාශය වූ වෙනත් නිර්මාණයන්ය එමෙන්ම  ප්‍රවෘත්ති නිවේදක සහ සම්ප්‍රවේශක කුලකය යටතේ අයදුම් කල හැකි අතර නැවත එය අයදුම් කල හැක්කේ වසර 03ක් ගතවීමෙන් පසුවය.

අයදුම්පත් භාර ගැනීම නිර්මාණ භාරගැනීම මේ වන විට ආරම්භ වී ඇති අතර එය 2023 ජනවාරි මස 15 වන දිනෙනන් අවසන් වේ. මෙවර සම්මාන උළෙල සඳහා නිර්මාණ ඉදිරිපත් කිරීමට අපේක්ෂිත නිර්මාණකරුවන්ගේ නිර්මාණ හැකි ඉක්මනින් 074 4061 508 හෝ 074 4061 602 අංක මගින් රයිගම් ටෙලිස් ලේකම් කාර්යාලය අමතන ලෙස ඉල්ලා සිටියි.

එමෙන්ම උලෙල සඳහා ඉදිරිපත් කරන නිර්මාණ නිසි පරිදි සම්පූර්න කල අයදුම් පත්‍රයක්ද සමග යොමු කල යුතු වන අතර අයදුම්පත් තම නාලිකාවලින්, මෙන්ම ඉහත සඳහන් දුරකතන අංක ඇමතිමෙන් හෝ www.raigamtelees.lk වෙබ් පිටුවට පිවිසීමෙන්ද ලබා ගත හැකි අතර අයදුම්පත් සමග තම නිර්මාන VOB හෝ Mpeg වර්ගයේ සංයුක්ත තැටි (CD) DVD මගින් පහත කාර්යාලය වෙත බාර දිය යුතු බවත් සංවිධායක මණ්ඩලය සඳහන් කරයි.

රයිගම් ටෙලීස් ලේකම් කාර්යාලය  - අංක 23 වාලුකාරාම පාර, කොළම 03

Fox ප්‍රදර්ශනාගාරය - හොරණ පාර, කොට්ටාව (කොට්ටාව කීල්ස් සුපර් ඉදිරිපට)

Lapro Techologies - අංක 25, බිම් මහල, ලකී ප්ලාසා ගොඩනැගිල්ල, කොළඹ 03