ෆ්ලෑෂ්බෑක් කණ්ඩායමෙන් සමුගත් ඩ්‍රම්ස් වාදකයා නිරෝෂන් ඩ්‍රීම්ස් දැන් කියන කතාව
ෆ්ලෑෂ්බෑක් කියන්නේ ලංකාවේ තරුණ තරුණියන්ගේ ආදරය දිනූ ලංකාවේ අංක එකේ සංගීත කණ්ඩායම. දශක කිහිපයක් පුරාවටම එලිමහන් ප්‍රසංග කලාවේ හිනිපෙත්තේ රැඳෙන්නට ෆ්ලෑෂ්බෑක් සංගීත කණ්ඩායමට හැකි වුණා. ෆ්ලෑෂ්බෑක් සංගීත කණ්ඩායමේ සිටි නිත්‍ය ඩ්‍රම්ස් වාදකයා තමයි නිරෝෂන් ඩ්‍රීම්ස් කියන්නේ. වසර පහලොවක් ඔහු ෆ්ලෑෂ්බෑක් පවුලේ සිටියා. කෙසේවෙතත් පසුගිය දා ඔහු ෆ්ලෑෂ්බෑක් වෙතින් සමුගත්තේ ඔහුගේ මෙන්ම ෆ්ලෑෂ්බෑක් රසිකයන්ටද දුකක් එක් කරමින්. කෙසේවෙතත් ෆ්ලෑෂ්බෑක් වෙතින් සමු ගැනීම පිළිබඳව නිරෝෂන් ඩ්‍රීම්ස් සිය ෆේස්බුක් ගිණුමේ මෙලෙස සටහනක් තබා තිබුණා.
එම සටහන පහතින්..
"ජීවිතයේ බොහොම සංවේදීම සංධිස්ථානයක් තමයි, අවුරුදු 15 ක් play කරපු , හුස්ම ටික, පන ටික වගේ ආදරය කරපු FLASHBACK බෑන්ඩ් එකෙන් අයින් වෙන්න මම තීරණය කරපු එක. අම්මා,තාත්තා, දරුවා, බිරිඳ, ලඟින් ඉන්න මිතුරන්, නෑදෑයන්, අසල්වැසියන් මේ හැමෝටම කලින් මතක් වුනේ, බෑන්ඩ් එකට ආදරය කරන හැමෝම වගේම, පුද්ගලිකව මට පට්ටම විදියට ආදරය කරපු කොල්ලො කෙල්ලො ඇතුලු, වයස් භේදයකින් තොර ලංකාවේත් පිටරටවලත් ඉන්න සුපිරිම රසික රසිකාවියන්, යාලුවන් ටික තමයි. මුලින්ම මට සමාවෙන්න, ඔයාලගේ අවසරයකින් තොරව අයින් උනාට.
( මේ POST එක දකින, මම ගැන නොදන්න හෝ මට අකමැති කෙනෙක් බලයි, කවුද යකෝ මේ පඩත්තරයා කියලා. සමාවෙන්න මේ පෝස්ට් එක ඒ අය වෙනුවෙන් නෙවෙයි. )
හැමදාම පුලුවන් විදියට MUSIC එක්ක ඉන්නවා. CALL, MASSAGE, කරපු, Photos, videos, හදපු වගේම ගොඩාක් දුක් වුනු, අඬපු හැමෝටම කියන්නෙ, මම ඔයාලට ගොඩක් ආදරෙයි
රාජපක්ෂ පවුල, රනිල් ඇතුලු රටම කාලා දාපු සක්කිලි දේශපාලකයන් ගැන පට්ටම තරහයි,ලැජ්ජයි.. වෘත්තියෙන් අයින් වෙද්දි,අඩුම තරමෙ මම අයින් වුනු විදිහ දිහා හරි බලලා හැදියල්ලා. මම අයින් උනේ හැමෝම අයින් වෙන්න එපා කියද්දි.. අරගලයට ජය වේවා..
Band එකේ හිටපු අවුරුදු 15 දි මාත් එක්ක, එකට වැඩ කල සියලුම band members ලා ඇතුලුව, සියලුම flashback කාර්ය මණ්ඩලයට, සහ flashback නිර්මාතෘ වගේම මගේ angry bird ඩොනල්ඩ් ප්‍රනාන්දු මහත්මයා / ඩොනල්ඩ් අයියාට ගොඩක් ස්තූතියි හැමදෙයකටම
රොෂාන් ප්‍රනාන්දු කියන්නෙ ලංකාවේ මම චූටිම කාලෙ ඉඳන් ආස, ගෞරව කරපු චරිතයක්. එයාගෙ ඩ්‍රම් ශීට් එක එයාගෙන් පස්සෙ මට ලැබෙයි කියලා කවදාවත්ම හිතුවෙ නැහැ. ප්‍රතිපත්ති ගරුක, පිලිවෙලටම වැඩ කරන, කාටවත්ම බයනැති, කවුරු එයාට බැන්නත්,මිනිස්සුන්ට පට්ට qulity වැඩක් කරන්න හිතන, බෑන්ඩ් එක හැමදාම උඩින්ම තියන්න මහන්සි වෙන, ලෝභ කමක් නැතුව ලෝකේ තියෙන වටිනම instruments, sounds ගන්න, කෙලින් තීරණ ගන්න, respect ම පුද්ගලයෙක් / Leader කෙනෙක්. ඒ වගේම තාත්තා කෙනෙක් වගේ මගේ හැමදෙයකටම හිටපු, සහෝදරයෙක්.
රොෂාන් අයියා මම ගැන, එයාගෙ පුද්ගලික facebook ගිනුමෙන් සහ Flashback official facebook page එකෙන් දාපු post එක ගැන ගොඩාක්ම සතුටුයි.. ආඩම්බරයි
කියන්න දේවල් ගොඩයි.. මතකයන් ගොඩයි.. ආතල් කෝටියයි...
අලුතින් flashback drum එක භාර ගත්ත රුසිරු මල්ලිටත් සුභ පැතුම්. දක්ෂ කොල්ලෙක්.
හැමෝවම, කවදා හරි, කොහේදි හරි හමුවේවි.. එතෙක්... ආදරෙයි හැමදෙනාටම
NIROSHAN DREAMZ - FLASHBACK"