ෆිල්ටිගෙන් වෙන් වූ හසිනි සැමුවෙල් හිටිහැටියේම තවත් සුබ පණිවිඩයක් ගැන කියයි
නිරූපණ ශිල්පිනියක් වශයෙන් යම් ආන්දෝලනයක් ඇති කළ කෙනෙක් තමයි හසිනි සැමුවෙල් කියන්නෙ. ඇය සහ ෆිල්ටි අතර සිදුවූ විවාහය බොහෝ දෙනාගේ අවධානය දිනාගත් අතර, එම විවාහයෙන් හසිනිට පුංචි පුතෙකුත් ඉන්නවා. කොහොම වුණත් දැන් ෆිල්ටි සහ හසිනි නීතියෙන් වෙන් වී සිටින බවයි පසුගිය දවසක හසිනි කිව්වේ. මේ අතර, නිරන්තරයෙන් සමාජ මාධ්‍ය තුළ සැරිසරන හසිනි තරුණියක් සමඟ පෙනී සිටින ඡායාරූපයක් පසුගිය දිනෙක පළ කර තිබුණා.
“Miss Asia pacific International SriLanka 2019 කිරුළ දිනූ කෙල්ල සමඟ වැඩ කරන්න ලැබීම, Miss Asia pacific International SriLanka 2017 දිනපු මට ලැබුණු හොඳම අවස්ථාවක් !”, යනුවෙනුයි ඇය එහි සටහන් කොට තිබුණේ.