හෙළ කලා අඹරේ දැවැන්ත සලකුණ, ප්රවීණ රංගන ශිල්පි ජැක්සන් ඇන්තනීගේ දැන් තත්ත්වය
හෙළ කලා අඹරේ දැවැන්ත සලකුණක් වන ප්රවීණ රංගන ශිල්පි ජැක්සන් ඇන්තනී කවුරුත් දන්නා පරිදි මේ වන විටත් පසුවන්නේ රෝගාතුරවයි. ඒ පහුගිය දවසක වුණු හදිසි අනතුරක් හේතුවෙන්.
ඉතාමත් බරපතල ලෙස රෝගාතුරව රෝහල්ගත කෙරුණු ඔහුගේ තත්වය පිළිබඳව දැනගන්න ඔහුට ආදරය කරන කවුරුත් පසුවන්නේ නොඉවසිල්ලෙන්.
ඔහු මෙලෙස අනතුරකට පත්වූයේ සිංහබාහු සිනමාපටයේ රූගත කිරීම් සිදුකර පැමිණෙන අතරවාරයේයි..
අනතුරට පසුව සැත්කමකට පවා ඔහුව බඳුන් කරනු ලැබුවා. ඔහුගේ බෙල්ල, කශේරුකාව ආශ්රිතව ආබාධයන්ට ලක්ව තිබෙන බවයි වාර්තා වූයේ.
කෙසේවෙතත් සැත්කමට අනතුරුව ඔහු සිහිය ලද බවයි ආරංචි වූයේ.
හිරු අපි කළ විමසීමකදී විශ්වසනීය රෝහල් ආරංචි මාර්ග පවසනු ලැබුවේ,
ඔහුගේ තත්වය තවම වෙනසක් නොවන බවත්, මේ වනවිටත් ඔහු ශ්වසන උපකාරක යන්ත්ර මඟින් පසුවන බවයි.
කලාකරුවෙක් ලෙස ජැක්සන් ඇන්තනීට ආදරය කරන කවුරුත් ඔහුට ඉක්මන් සුවය ප්රාර්ථනා කරන බව රහසක් නෙවෙයි.
ඒ වෙනුවෙන් කලාකරුවන්, ආදරණීය රසික පිරිස ආගමික වශයෙන් ද තමන්ට හැකි සෑම ආකාරයකින්ම නිරෝගී සුව ප්රාර්ථනා කරන අයුරු දැකිය හැකියි.
අපිත් ඔහුට ඉක්මන් සුවය ප්රාර්ථනා කරමු !