හිරු ටෙලි තිරයෙන් දිගහැරෙන නවතම ඓතිහාසික ගවේෂණාත්මක චාරිකාව



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

ශ්‍රී ලාංකිකයන් සියලුදෙනා උදෙසා හිරු ටීවී වෙතින් නිෂ්පාදනය කරන නවතම ටෙලිනිර්මාණය, අසිරිමත් දළඳාගමනය, ඊයේ (22) සිට ආරම්භ වනවා. සතියේ දින පහේම රාත්‍රී 7. 30ට හිරු ටීවී ඔස්සේ ප්‍රේක්ෂක ඔබටත් අසිරිමත් දළඳාගමනය නැරඹිය හැකි යි.

බුදුන් වහන්සේගේ යටි වාම දළඳා වහන්ගේ ලංකාද්වීපයට වැඩම කිරීම ප්‍රස්තුත කරගෙන මෙම ටෙලිනිර්මාණය නිර්මාණය කර තිබීම විශේෂත්වයක්.

රොජර් සෙනෙවිරත්න, පාලිත සිල්වා, චන්දික නානායක්කාර, රුවන්ති මංගලා ඇතුළු රංගන ශිල්පීන් රැසක් මෙම දැවැන්ත නිර්මාණය සඳහා රංගනයෙන් එක් වනවා.

මෙහි සුවිශේෂී චරිත දෙකක් වන දන්ත කුමරුගේ චරිතය සහ හේමමාලා කුමරියගේ චරිතය සඳහා ජනප්‍රිය රංගන ශිල්පී සංගීත් සතරසිංහ සහ නවක රංගන ශිල්පිනී (හඳුන්වා දෙන) නෙහාරි පෙරේරා පණ පොවනු ලබනවා.

මහින්දාගමනය, සිරි දළඳාගමනය, මහරජ අජාසත්, අනගාරික ධර්මපාල ශ්‍රීමතාණෝ යන චිත්‍රපට අධ්‍යක්ෂණය කළ හිරු ටීවී නාළිකාවේ විකාශය වුණු උරුමයක අරගලය, ඉරුදේව සහ මහවිරු පණ්ඩු අධ්‍යක්ෂණය කළ සනත් අබේසේකර විසින් අසිරිමත් දළඳාගමනය අධ්‍යක්ෂණය කරනවා.