හැමෝම කතා වෙන ෆ්ලෑෂ්බැක් සංගීත කණ්ඩායමේ විනය ගැන නිවේදන ශිල්පියෙක් තැබූ සටහන
ෆ්ලෑෂ්බැක් කියන්නේ ලංකාවේ එළිමහන් ප්රසංග වේදිකාවේ දකින්න පුළුවන් ප්රාසාංගික අතින් ඉහළින්ම ඉන්න සංගීත කණ්ඩායමක්. රොෂාන් ප්රනාන්දුගේ නායකත්වයෙන් යුත් ෆ්ලෑෂ්බෑක් සංගීත කණ්ඩායමට බොහෝ දෙනා ආදරය කරනවා වගේම,එම කණ්ඩායමේ විනය ගැනත් බොහෝ දෙනා කතා කරන්නේ ඉතාමත් ප්රශංසාත්මකවයි. මේ ෆ්ලෑෂ් බැක් සහ රොෂාන් ගැන වගේම එහි විනය ගැනත් සටහන් වෙලා තිබුන අපූරු ෆේස් බුක් සටහනක්.
"Discipline" කියන දේ මොකද්ද කියලා මම මගේ ජිවිතේ හරියටම අත්දැකිමේන් ඉගේන ගත්තේ ඇත්තටම ඊයේ.. ගැටඹේ Flash Back ප්රසංගය අවසන් වේලා Flashback නායක රෝෂාන් අයියා මට කතා කලා.මම Flashback රථයට ගොඩවේන විට රොෂාන් අයියාට අමතරව ඒ තුල සිටියේ කීංග්ස්ලී අයියා ව්තරයි.ඒ ඉදිරිපස අසුනේ.රොෂාන් අයියා මට යමක් කියන්න ආරම්භකරනවාත් සමගම මං දැක්කා ඉදිරිපස අසුනේ සිටි කිංග්ස්ලි අයියා රථයේන් බැස ගිය අකාරය.මේ ප්රවීනයා නැවත රථයට ගොඩවනවා දැක්කේ මම නැවත රථයේන් බැසයන විටදියි.කේනෙකුගේ පුද්ගලිකත්වයට පවා ගරු කරන තරමේ වු සා විශාල විනයගරුක බවක්,සංවරශිලි බවක්.. අප තුල තිබිම කොයිතරම් වටිනවද වැදගත්ද කියලා මම ඒ මොහොතේ ප්රායෝගිකව ඉගේනගත්තා...ඇත්තටම ඒ මොහොත මතක් වේන මේ තත්පරය පවා මගේ රොම කෙලින් කරන්නට තරම් සවිමත්.
ඒ වගේම මං වේනුවෙන් වෙලාවක් අයින් කරලා.. ළඟින් හිදුවාගේන දුන් උපදේස් අවවාද වලට මඟපෙන්විම් වලට Roshan Fernando අයියේ ඔයාට ගොඩාක් ස්තුතීයි.
ඒ හැමදේයක්ම මගේ නිවේදන දිවියේ..
හැරවුම් ලක්ෂයක් වනවා නොඅනුමානයි.