හැමෝම කතා කරන ජැක්සන්ගේ රථයේ ඩෑෂ් කැම් එකේ පටිගත වුණා කියන වීඩියෝ එක ?



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

ප්‍රවීණ රංගන ශිල්පී ජැක්සන් ඇන්තනී අනතුරට ලක්වන අවස්ථාවේ සජීවි දර්ශන යැයි කියමින් මීට ඉහත බුකිය කැළඹූ වීඩියෝවක්, නැවත වතාවක් අන්තර්ජාලය වෙත මුදාහැර තිබෙනවා. ජැක්සන් ඇන්තනීගේ ජීප් රථයේ ඉදිරිපස කැමරාවේ (ඩෑෂ් කැමරාව) මෙම දර්ශන රූගත ව තිබූ බවයි වීඩියෝව මුදා හරින පිරිස් පවසන්නේ.

කෙසේ වෙතත්, සොයා බැලීම් වලදී තහවුරු වන්නෙ මෙය වසර ගණනක් පැරණි වීඩියෝවක් බවයි. එය ලංකාවේ සිදුවූවක් නොවන අතර, තායිලන්තයේ දී 2017 වර්ෂයේ සිදුවූ අනතුරක්. එසේ අනතුරට ලක්වන්නේ ජීප්රථයක් නොව ට්‍රක් රථයක් වීමත් විශේෂත්වයක්.

මෙම අනතුරේ කම්පන සහගත දර්ශන ඩේලිමේල් ඇතුළු වෙබ් අඩවි කිහිපයකම පළ කර තිබෙනවා. හාස්‍යයට කරුණ නම් මෙසේ 'ව්‍යාජ පුවතක්' මවා පෑ පිරිස්ද අදාළ වීඩියෝව මුදා හැර ඇත්තේ 'මේල්ඔන්ලයින්' සඳහන ද සහිතව යි.

එසේම, සිය පියාගේ රථයේ 'ඩෑෂ් කැම්' එකක් නොතිබූ බවත්, මෙය ව්‍යාජ වීඩියෝවක් බවත් ජැක්සන් ඇන්තනී කලාකරුවාගේ ආදරණීය දියණිය පසුගිය දා ප්‍රකාශ කර තිබුණා. සිය අනුගාමීකයින් උදෙසා විවිධ පිරිස් සිදුකරන මෙම ව්‍යාජ මවාපෑම් වලට රැවටී බොහෝ පිරිස් මෙම වීඩියෝවට කමෙන්ට් එක් කර ඇති අයුරුද දැක ගත හැකියි.