හැමෝම ආදරය කරපු කාන්චනා මෙන්ඩිස් හදිස්සියේ ලංකාවට ඇවිත්
කාන්චනා මෙන්ඩිස් කියන්නේ පුංචි තිරේ හිටපු ජනප්‍රිය රංගන ශිල්පිනියක්නේ. ඇය කලාවෙන් ඈත් වෙලා විදේශයකයි දැන් පදිංචිව සිටින්නේ. ඒ ඇගේ පුංචි පවුල සමගින්. ඉතින් කාලයකට පසුව ඇය ලංකාවට ඇවිල්ලා.ඇය ආව සතුට වෙනුවෙන් දමිතා අබේරත්න ඇතුළු සමකාලීන ඇගේ කලා මිතුරියන් සහ ඇයත් සමග රඟපෑ ප්‍රවීණ නිලියන් සමග එකතු වෙලා ඇයට සාදයක් ලබා දීලා.
ඉතින් සාදය එයාලගේ අතීත මතක එක්ක හරි අපූරූවට පැවැත් වුණා කියලා තමයි ආරංචිය තියෙන්නේ. ඒ වගේම තමයි කාංචනා මෙන්ඩිස් ඉක්මනින්ම නැවතත් විදේශ ගතවෙන බවත් දමිතා අබේරත්න සිය ෆේස්බුක් ගිණුමේ සටහනක් තබමින් පවසා තිබුනා.
"මගෙ ජීවිතේ මම ගොඩාක් ආදරය කරන කලාවේ වගේම සැබෑ ජීවිතයේදීත් මගේම සහෝදරියක් වුනු කාංචනා මෙන්ඩිස් නංගි ලංකාවට ආව කාලෙකින්. ඉතින් ඉක්මණින්ම සමුගන්න යන නිසා අපි ඔක්කොටම පාටි එකක් දුන්නා සේමිනීගෙ ගෙදර. ඉතින් මම ආදරය කරන තවත් මගේ ඉතාම සමීපතම සහෝදර සහෝදරියො ගොඩාක් එක්ක මෑතකදි ගොඩාක්ම සතුටු වුනු මොහොතක්..
thank you Kanchi...we all love you so much ...and miss your warmth love and caring always in the acting field..."