හැමදාම අලුත් වෙන පුබුදු - මාෂි දෙන්නගෙ ආදරේ
පුබුදු - මාෂි දෙන්නගෙ ලස්සන ආදර කතාව ගැන නොදන්න කෙනෙක් නෑනෙ. කලා ලෝකෙ ලස්සනම ආදර කතා අතර මේ දෙන්නගෙ ආදර කතාවට හරි ඉහළ ප්රතිචාරයක් ලැබෙනවා. ඒ සුන්දර ,ආදරණීය යුවළක් හැටියට. ඉතින් පහුගිය දවසක දෙන්නත් එක්ක ඔවුන්ගේ විවාහ සංවත්සරය සැමරුවා.
ඒ දවස අමතක නොවන මතකයක් කරගන්න ඔවුන් අමතක කර තිබුණේ නෑ. මේ ලස්සන සටහන සහ සේයා රූ එකතුව අපේ ඇස ගැටුණෙත් ඒ සැමරුම් මතක සටහන් අතරින්.
"මීදුම් දුමාරයේ සීත හැන්දෑයාමේ
සිහින ඇන්ද සානුවේ..
ආශා නැතිද මාත් එක්ක තනිව ඉන්න
කොල පාට හැලුනු ඈත නිම්නයේ…"