හඳගමගේගේ රාණි දැන් දිනයින පුරා සිනමාහල් වල
ලාංකීය සිනමා වංශ කතාවේ දැවැන්තම සිනමා සිත්තමක් ලෙස ප්‍රේක්ෂක ඔබට තිළිණ කිරීමට නියමිත අශෝක හඳගමගේගේ 'රාණි' චිත්‍රපටය ජනවාරි 30 වැනිදා දේශිය සිනමාහල් වෙත බෙදා හැරුනි.
ස්වර්ණ මල්ලවාරච්චි ප්‍රධාන චරිතයට පණ පොවන මෙහි සනත් ගුණතිලක, බිමල් ජයකොඩි, සජිත් ඇන්තනී, අශාන් ඩයස්, සෞම්‍ය ලියනගේ, ගිහාන් ප්‍රනාන්ඳු, සම්පත් ජයවීර හා රිතිකා කොඩිතුවක්කු, මයුර කාංචන රංගනයෙන් දායක වෙයි. ඉතා විශාල නිෂ්පාදන පිරිවැයක් දරා මෙහි නිෂ්පාදන කටයුතු සිදු කර ඇත්තේ ලයිකා ප්‍රඩක්ෂන් ආයතනය වෙනුවෙන් සුබාශ්කරන් අල්ලිරාජ්ය.
1990 වසරේ සිදුවු දේශපාලන කතාවක් පාදක කරගෙන මෙහි කතාව නිර්මාණ වී ඇත. විශේෂත්වය වන්නේ ලාංකීය දේශපාලන ඉතිහාසයේ සුපිරි චරිත බවට පත් වූ මහින්ද රාජපක්ෂ (බිමල් ජයකොඩි, ලලිත් ඇතුලත් මුදලි (සනත් ගුණතිලක), මංගල සමරවීර (අශාන් ඩයස්) චරිතද %රාණි^ චිත්‍රපටයේ ප්‍රධාන චරිත අතර අන්තර්ගතව තිබීමය.
මෙය අශෝක හදගමගේ විසින් අධ්‍යක්ෂණය කළ 11 වැනි සිනමා නිර්මාණය වන අතර, ලයිකා ප්‍රඩක්ෂන් ආයතනය විසින් නිෂ්පාදනය කළ පළමු සිංහල චිත්‍රපටයද වෙයි. රාණි සිංහල චිත්‍රපටය මීට පෙර ජනවාරි 23 වැනිදා ප්‍රදර්ශනය කිරීමට සැළසුම් කර තිබුණද එදිනට හාස්‍යමය චිත්‍රපටයක් වූ %කාසි වාසි^ තිරගත වීමට සුදානම් කර ඇති හෙයින් මෙය ජනවාරි 30 වැනිදා දක්වා කල් දමා ඇත.
බුද්ධික සේනාධීර