’’හිනාවෙන්න වටින මිනිස්සු අඩනවා, ඉන්න ඕන අය යනවා - හැමෝම ආදරේ කරන සුදු මැණිකෙ කියන කතාව
අමන්දා ජයරත්න එහෙමත් නැත්නම් කවුරුත් ඈව හඳුනන්නේ සුදු මැණිකේ කියලා කිව්වම. ඒ අතිශය ජනප්‍රිය රැල්ල වෙරළට ආදරෙයි ටෙලි නිර්මාණය නිසාවෙන්. ජනප්‍රිය රංගන ශිල්පි දර්ශන් ධර්මරාජ්ගේ වියෝවත් එක්ක ඇයත් පසුවන්නේ අතිශය සංවේදීවයි. මොකද දර්ශන්, එහෙමත් නැත්නම් ජේරාජ් සුදු මැණිකෙට ඉතාමත් සමීප අයෙක්වනෙ උන්නෙ.
ඒ නිසාම ඔහුගේ වියෝව ඈට වැඩියෙන්ම දැනෙන බව රහසක් නෙවෙයි. කොහොම නමුත් සමාජ මාධ්‍යයේ සැරිසරන අපිට ඇය තැබූ සටහනක් දකින්න ලැබුණා. පහතින් දැක්වෙන්නේ ඇය තබා තිබූ එම සටහනයි.
"හිනාවෙන්න වටින මිනිස්සු අඩනවා.
ඉන්න ඕන අය යනවා !
ලැබෙන්න ඕන අයට
නොලැබෙනවා..
හරි දේ වැරදෙනෙවා !
වැරදි දේ හරියනවා !..."