හදවතේ ගායකයා තවත් රසිකයෙක් වුණ පියුමි කී කතාව මෙන්න
පියුමි කියන්නේ බොහෝ දෙනා හඳුනන චරිතයක්. කියන්න තියන දේ කෙලින්ම කියන ඇය හොඳ වගේම නරකක් කියන්නත් පැකිලෙන්නේ නැහැ. ඒ වගේම තමයි තමන් ආදරය කරන කෙනෙක්ට ඒ ගැන කෙලින්ම කියන්නත් පියුමි අමතක කරන්නේ නැහැ.. චාමර වීරසිංහ, කවදාවත් නොමැකෙන මතක අතරට ගීත එකතු කරපු කලා ශිල්පියෙක්. ඉතින් එදා වගේම අදටත් චාමරට තියන රසික ආදරය අදුවක් නැහැ කියලා පසුගිය දවසක් තිබුණ ප්‍රසංගයක් අතරතුර ඔප්පු වුණා. මේ දවස්වල සමාජ මාධ්‍යවල ගොඩක් සංසරණය වෙන ඒ වීඩියෝව අනිවාර්‍යෙන්ම ඔබත් දැකලා ඇති. ඉතින් මේ වීඩියෝව පියුමිත් දැකලා. ඇයත් හදවතේ ගායකයාගේ හොඳම රසිකාවියක්.
අගය කරන්න ඕන ඕනම කෙනෙක් නිර්ලෝභීව අගයන පියුමි ඔහුගේ ඒ ගායන්බ රසවිදලා එකතු කරලා තිබුණේ මෙන්න මේ වගේ කමෙන්ට් එකක්.
"දවසක ඇස් දෙකින් ඇත්තටම දකින්න ආසාවෙන් ඉන්නවා... මම ඔහුව අද වෙන තුරුත් දැකලා නෑ..... නමුත් එයාගෙ සිංදු වලට අපි පාසැල් යන කාලෙ හරිම ආසායි..."