හදවතේ ගායකයා චාමර ගැන වෛද්‍යවරුන් කියන අලුත්ම කතාව මෙන්න
චාමර විරසිංහ වෙනුවෙන් ඉක්මන් සුවය පතා ඔහුට ආදරය කරන බොහෝ දෙනෙක් ආශිර්වාද පූජා පැවැත්වුවා.තවමත් දවසකින් හරි ඔහුගේ සුවපත්භාවය අපේක්ෂා කරන බොහෝ දෙනෙක් මේ පණිවිඩය දැනගන්න මග බලාගෙන ඉන්නවා කියන එක නම් විශ්වාසයි...
ජනප්‍රිය ගායන ශිල්පී චාමර වීරසිංහ තවමත් දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටින බව ඊයේ (27) මාධ්‍ය සාකච්ඡාවකට එක්වෙමින් වෛද්‍ය රුක්ෂාන් බෙල්ලන සඳහන් කරනවා. ඔහු වැඩිදුරටත් පැවසුවේ ඔහුගේ රෝගී තත්ත්වයේ ලොකු වෙනසක් ගැන ප්‍රකාශ කළ නොහැකි බවයි. එමෙන්ම චාමර වීරසිංහගේ සෞඛ්‍ය තත්ත්වය පිළිබඳව ඉදිරි දින දෙක තුන ඇතුළත නිශ්චිත ප්‍රකාශයක් සිදුකළ හැකි බවයි වෛද්‍යවරයා ප්‍රකාශ කළා.. කෙසේ වෙතත් චාමර වීරසිංහ සඳහා හොඳම ප්‍රතිකාර එම රෝහලේ විශේෂඥ වෛද්‍යවරු ලබාදෙන බවද වෛද්‍යවරයා සඳහන් කර සිටියා.