හදවතේ ගායකායගේ බිරිඳ හෙළි කළ අතිශය සංවේදී කතාව



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

එදා පර්පල් රේන්ජ් සංගීත කණ්ඩායමේ නිවේදන ශිල්පියා වශයෙන් රසික හදවත්හි ආදරණීයයා වූ ඔහු
හිටි හැටියේ ම පර්පල් රේන්ජ් වේදිකාවට සමුදෙනවා. ඉන් අනතුරුව කාලයක් ඔහු මේ මුලු ලෝකෙන්ම අතුරුදහන් වෙනවා.

ආයෙමත් වතාවක් ප්‍රසංග වේදිකාවට ගොඩවෙන ඉඳුනිල්ට ජීවිතයම දුන්නු තරුණියක් හිටියා. ඒ වෙන කවුරුත් නෙවෙයි, අචිනි. ජීවිතේ කඩාගෙන බිම වැටිලා හිටපු ඉඳුනිල්ව නැවත උපද්දවන්නේ අචිනි. අචිනි ඒ චැලේන්ජ් එක ගැන පසුගිය දවසක යූටියුබ් නාලිකාවක් සමඟ මෙහෙම අදහස් දක්වලා තිබුණා.

"තීරණේ ගද්දි නම් රිස්ක් එකක් කියලා හිතුවේ නෑ. මම චැලේන්ජස් එනකොට පරදින්න කැමති කෙනෙකුත් නෙවේ. කොහොම හරි මගේ ඔලුවේ තිබ්බෙම ඉඳුනිල්ගේ රූපය තියෙන්න ඕන මේ විදිහට. එයාගේ දක්ශතාවය එළියට එන්න ඕන. මම මවපු පිච් එක අද එයා ඉන්නව. ටික ටික යනකොට ඒ රිස්ක් එක මම ගත්තා.."

ඉඳුනිල්ගේ බිරිඳත් පිළිකා මාරයා පරදවමින්
ජීවිතය දිනපු කෙනෙක්.
ඇගේ සංවේදී කතාව තමයි මේ...

"මට අවුරුදු 25 දී හිතාගන්න බැරි විදිහට ලියුකේමියාව හැදුනා. එතකොට ඉඳුනිල් හම්බෙලත් නෑ. මම හිතුවා මම දැන් මැරෙනවා කියලා.. ඒ කාලේ මම ලස්සනයි. කොණ්ඩෙත් දිගට තිබ්බා. ඒක මුලින්ම ඩොක්ටර් කියද්දි අම්මා එළියේ හිටියේ. මාත් ඇස් දෙකේ කඳුලු ගල් කරන් එළියට ආවා. කාටවත් නොකියා ඉවසන් හිටියා. මම එළිවෙනකන් අඬලා අඬලා ඔෆිස් ගියා. අද මම ජීවත් වෙනවා නම් ඒගොල්ලො (ඔෆිස් එකේ අය) මට මාර සපෝට් කළා. මගේ පළවෙනි බ්ල්ඩ් ටෙස්ට් එක කළාම කැන්සර් කියලා ස්ථිර උනා. කොණ්ඩේ යනවා කියලා දැණුනා.. සැලූන් එකෙ කෙනා අඬ අඬ කොණ්ඩේ කැපුවේ. මම තනියම ඩොක්ටර්ස්ලා හොයාගෙන ගියේ. ඔෆිස් එකේ අය සපෝට් කැලා. අන්තිමට ආශ්චර්යයක් වගේ මම බැක් ටු නෝමල් උනා. ගොඩක් අය හිතනවනේ කැන්සර් ආවම මැරෙනව කියලා. හෙට මැරුණත් අද හොඳින් ඉන්නවා කියලා මම නම් සතුටින් හිටියා. අදටත් ඉන්නවා කැන්සර් හොඳ වෙලත් විඳවන අය. මම හිතුවා දවසක මේක කියන්න ඕන කියල. අපිට මේක හොඳ කරගන්න හොඳ මානසිකත්වයක් තියෙන්න ඕනි.."