හිතපුවත් නැති වෙලාවක යාළුවෝ ටික එකතු වෙලා පියුමිට දුන්න Surprise එකත් පොඩිම නැහැ නේද?
හංසමාලි කියන්නේ ගොඩක් දෙනෙක් එක්ක සුහදව කටයුතු කරන චරිතයක් නේ. ඉතින් ඇයට ඒ නිසාම හැම තැනකම වගේ යාළුවෝ ඉන්නවා. කොයිතරම් යාළුවෝ හිටියත් දුකේදී වගේම සැපේදිත් පියුමි ඒ හැම කෙනෙක්වම අමතක කරන්නේ නැහැ.
ඒක මේ වෙද්දී ඇය ගැන දන්න බොහෝ දෙනෙක් හොඳින්ම දන්නා කාරණයක්. ඉතින් පසුගිය දවසක ඇගේ උපන්දිනය යෙදිලා තිබුණ වෙලාවක පියුමි ගොඩක් උත්සාහ ගත්තේ යාළුවෝ එක්ක පාටි දාන්න නෙවෙයි. නැති බැරි අහිංසක මිනිස්සුන්ට උදව් කරන්න...
මේ හැම දෙයක්ම ඇය හිතපු විදිහටම අවසාන කරලා ආයේ කොළඹ එනකොට පියුමිට ගොඩක් ආදරය කරන එයා එක්ක ඉස්සර ඉඳලාම හිටිය යාලුවෝ හැමෝම එකතු වෙලා පියුමිව පුදුම කරලා තිබුණේ මෙන්න මෙහෙමයි.