සෙවනැල්ල වගේ ළඟින් ඉන්න ඇගේ ආදරයට සඳනි සුබපැතුම් එක්කරලා තිබුණේ මෙන්න මෙහෙමයි



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

පියත්ගේ ආදරයත් එක්ක දවසින් දවස ගෙවීගෙන යන ජීවිතය ඇයට නම් ගොඩක් සුවිශේෂී වෙලා වගේ. ඒත් එක්කම ඔහුගේ ජීවිත‍යේ මේ තරම් වැදගත් දවසක් ඇයට කොයිතරම් නම් වටිනවද ඇතිද.. ? ඉතින් ඊයේ දවසේ උපන්දිනය සමරන ඇගේ ආදරය පියත් වෙනුවෙන් සුබ පැතුමක් එක්කරන්න සඳනි අමතක කරලා නෑ. සඳනිගේ ආදරය ඉදිරියේ පියත් ගොඩක් සංවේදී කෙනෙක් කියලා බොහෝ අවස්තාවලදී අපි දැකලා තියනවා.

ඒ වගේම මේ දෙන්නා එකතු වෙලා රසිකයන්ට ලබාදුන්න ආදරණීය ගීතත් බොහෝමයි. මේ ඔක්කොම කතා මැද එක කූඩුවක ලස්සනට ජීවත් වෙන්න ඒ දෙන්නා දකින හීන හැමදාම වගේම අදත් තව තව වැඩි වෙන්න ඇති.

ඉතින් සඳනි පියත් දෙන්නාගේ විවාහයත් එයාලා හිතනවා වගේම ඉක්මනින් ලස්සනට පවත්වන්න පුළුවන් වෙන්න කියලා මේ උපන්දිනයේදී අපිත් ඔවුන්ට ප්‍රාර්ථනා එකතු කරනවා.