සුරූපී නිලි පියුමි හංසමාලි ළඟදීම විවාහ වෙන්න යන කාරණාවේ ඇත්ත නැත්ත



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

අපේ රටේ කොයි කවුරුත් ආදරය කරන සුන්දර රූ සපුවකට හිමිකම් කියන ජනප්‍රිය රංගන ශිල්පිනියක්, නිරූපණ ශිල්පිනියක් මෙන්ම නිවේදිකාවක් තමයි පියුමි හංසමාලි කියලා කියන්නේ. ඉතින් ඒ වගේම ඇය අපේ රටේ ගොඩක්ම ප්‍රසිද්ද සරාගී නිරූපණ ශිල්පිනියක් විදිහටයි. කොහොම නමුත් නිරූපණ ක්ෂේත්‍රය ඔස්සේ කලාවට පිවිසෙන ඇය මේ වනවිට අලුත් අලුත් මියුසික් වීඩියෝ රැසක් හරහා මෙන්ම කාලෙන් කාලෙට සමාජ මාධ්‍ය ජාලා තුලත් නිරන්තරයෙන්ම කතා බහට ලක්වෙන නිතරම උණුසුම් පුවත් මවන චරිතයක් කිවුවොත් හරියටම හරි.

ඇය පිළිබඳව සමාජය තුළ නොයෙකුත් ආකාරයේ කතාබස් නිතරම නිර්මාණය වෙනවා දකින්නට පුළුවන්. කොහොම නමුත් ඇය පුංචි පුතෙකුගේ ආදරණීය අම්මා කෙනෙක්. ඉතින් පුංචි පුතත් එක්ක තනිකඩ ජීවිතයක් ගත කරපු අපේ ආදරණීය කළා ශිල්පිනිය දැන් නැවතත් විවාහ වෙන්නයි සුදානම බවයි සමාජ මාධ්‍ය ඔස්සේ පුවත් මැවෙන්නේ. පියුමිගේ හිත දිනාගත් කඩවසම් තරුණයාගේ නම තමයි ප්‍රගීත් තනුෂ්ක කියලා කියන්නේ. පියුමි ගේ විවාහ ගැන තවමත් නිෂ්චිත තීරණයක් පිළිබඳව තවමත් සටහනක් කර නැහැ. ඉතිං පියුමිගේ ආදරණී්‍ය රසිකයන්ට ළගදීම සුබ ආරංචියක් දැන ගන්න ලැබේවි කියන බලාපොරොත්තුව අපිට තිබෙනවා.