සුරූපි ත්‍රිකලාගෙන් වෙනස්ම වැඩක්
ත්‍රිකලා කියන නම කොහෙත්ම ඔබට ආගන්තුක හෝ නුහුරු නමක් නෙවෙයිනෙ. මොකද ඇය ඒ තරමට ජනප්‍රිය තාරකාවක්. ඇය ගැන කවුරුත් කතා කරන්න පටන් ගන්නේ රෝස පාට කාර් එකක් නිසා. එහෙම කතා කරන්න පටන් ගත්ත ඇය නිරූපණය ගැන උගන්වන තැනට ඇවිත්. සමාජ මාධ්‍යයේ සැරිසරන ඔබට ඈ තබන සටහන් සහ රූ නිතරම දැකිය හැකියි. ඒ විදියට අපේ ඇස ගැටුණු ඇගේ සුන්දර රූ එකතුවක් ගැනයි මේ කතාව. එම රූ එකතුවත් එක්ක ඇය අපූරු සටහනක් ද තබා තිබුණා. "නිරූපණය කියන්නේ මිනිස් සිරුරත් එක්ක කරන අමුතුම විදියේ කලාවක් ‼️
සංගීතය නර්ථනය සිතුවම් කලාව වගේම මනස එක තැන් කරගෙන හරි සියුම්ව කරන්න ඕනා ආට් එකක් ‼️
අන්නේ නිසාම නිරූපණ ශිල්පියකුට පුලුවන් වචනයක් වත් හඩක්වත් භාවිතා නොකර විවිධාකාරයෙන් මිනිස්සුන්ගේ හදවත් වලට කතා කරන්න ‼️
මේ ශූට් එකේ ගොඩක් දෙනෙක්ගේ මහන්සිය ගැබ් වෙලා තියනවා.
විශේශයෙන් දක්ශ චායාරූපශිපියකුගේ කාලාන්තරයක් තිස්සේ හිතේ තිබුන නිර්මාණයක් නිසා මේ වැඩේට ගැලපෙනම නිරූපණශිල්පිනිය හමුවෙනකන් එය කරන්නේ නැහැ කියලා ඔහු වසරකට ආසන්න කාලයක් අවශ්‍ය සියල්ල සූදානම් කරගෙන බලන් ඉදලා තියනවා
මමත් පුද්ගලිකව ගොඩක් ආදරය කරන , කතා කරන පින්තූර පෙළක් මේ .."
මේ ඇයගේ එම අපූරු රූ එකතුවයි.