සුරූපි චුලක්ෂි, ප්‍රේක්ෂිකාවක් වුණු අයුරු



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

ගාඩි සිනමාපටය මේ දිනවල තිරගත වෙනවා. ජනප්‍රිය සිනමා නිළි චුලක්ෂිත් එහි ප්‍රේක්ෂකාගාරයේ කොටසක් බවට පත්වෙලා. ඒ විතරක් නෙවෙයි, ඇය ලැබූ සොඳුරු සිනමා අත්දැකීම ගැන සටහනකුත් තබා තිබුණා. සිනමාව රස විඳින කාටත් ගාඩි නරඹන්න ඇය මේ විදියට ආරාධනාවක් කර තිබුණා.

"ගාඩි ගැන සරලව කියනවා නම් ඉතිහාස කතා ප්‍රවෘත්තියක්. නමුත් ගාඩි කියන්නේ ඉතිහාසය පදනම් කරගත් ප්‍රබන්ධයක්. එය අපූරුවට සිනමාවට නගන්නට සම්මානිත සිනමාපට අධ්‍යක්ෂක ප්‍රසන්න විතානගේ සමත් වී තිබෙනවා. ඉතින් මේ ගාඩි චිත්‍රපටයේ මංගල දැක්මට පසුගියදා මමත් සහභාගී වුණා. ගාඩි මම දකින්නේ මෑත කාලීනව ලංකාවේ බලන්න ලැබෙන හොඳම චිත්‍රපටි වලින් එකක්. ගාඩි චිත්‍රපටය බලලා ඉවර වෙද්දී මට දැනුණේ පිරුණු හැඟීමක්. අයිරාංගනී සේරසිංහ, රවින්ද්‍ර රන්දෙණිය,දමයන්ති ෆොන්සේකා, වගේ ප්‍රවීන අය මෙහි ඉන්නවා. ඒ වගේම ආනන්ද කුමාරඋන්නැහේ, ශ්‍යාම් ප්‍රනාන්දු, සහ කලණ ගුණසේකර,වගේ මැදි වියේ අය වගේම සජිත අනුත්තර ඇන්තනි සහ ඩිනාරා පුංචිහේවා වගේ තරුණ පරම්පරාවේ විශාල පිරිසක් ඉන්නවා. සියලුම චරිත පාහේ සිදුකරන කාලානුරූපී තාත්වික රංගනය නිසාම තත්පරේකටවත් ඇහැ අහකට ගන්න හිත දුන්නෙම නැහැ. සජිත අනුත්තරගේ රංගනය සහ ඩිනාරා පුංචිහේවාගේ රංගනය පැසසිය යුතුමයි. තිරයට හඳුන්වා දුන් ඩිනාරා පුංචිහේවාගේ රංගනය තුල කිසිදු ආකාරයක ආධුනික බවක් දැනුනේ නැතිම තරම්. ගාඩි ලාංකීය සිනමාවේ ඉතිහාස චිත්‍රපට ශානරයට නැවුම් මුහුණුවරක් ගෙන දුන් ඉතා හොඳ නිර්මාණයක්. ගාඩි සිනමාපටය මේ දිනවල තිරගත වනවා. ඒ නිසා සිනමා ප්‍රේක්ෂකයින්ට මම ආදරෙන් ආරාධනා කරනවා ගාඩි සිනමාශාලාවකටම ගොස් නරඹන්න කියා. "

සටහනත් එක්කම ඈ ගාඩි සිනමා දැක්මට සහභාගී වුණු අපූරු සාරි විලාසිතාවකුත් මේ විදියට අපිට දැකගන්න ලැබුණා.