සාරන්යාගේ පළමු වැනි උපන්දිනයට කලා ලෝකේ නැන්දලා මාමලා සුබපැතුවේ මෙහෙමයි
ඔන්න අද තමයි හැමෝම බලාගෙන හිටපු ඒ දවස. සාරංගගෙයි දිනක්ෂිගෙයි පුංචි දෝණි සාරන්යාගේ පළමු වැනි උපන්දිනය ඊයේ.
සාරන්යාව ප්රේක්ෂකයන්ට හඳුන්ව දුන්නේ ඊයේ සාරංගයි දිනක්ෂියි දුව වෙනුවෙන් කරපු ගීතයෙන් ඊයේ. ඒත් කලා ලෝකයේ මේ දෙපළගේ හිතවතුන්ට නම් සාරන්යා අමුත්තියක් නෙමෙයි.
සාරංගයි දිනක්ෂි සහභාගී වුණු සමහර උත්සව අවස්ථාවලට මේ දෙපළ සාරන්යාවත් අරගෙන ගියා. ඉතින් කලා ලෝකයේ නැන්දලා මාමලාත් සාරන්යාට හරිම ආදරෙයිලු. ඒ වගේම සාරන්යාත් මේ නැන්දලා මාමලාට හරි එකතුයිලු.
ඉතින් කලා ලෝකේ සාරන්යාට ආදරේ කරන නැන්දලා මාමලා සාරන්යාගේ පලමු වැනි උපන්දිනයට ඔවුන්ගේ සමාජ ජාලා ගිණුම් හරහා සුබපතලා තිබුණේ මෙන්න මෙහෙමයි.