සාර්ථකත්වයට යන්න ලිෆ්ට් නෑ. පඩිපෙල නැගගෙනම යන්න ඕනා - රටම දන්න ඇය කියන කතාව
ත්‍රිකලා ධරණි ගැන නොදන්න කෙනෙක් නෑනේ. ඇය ඒ තරම් ජනප්‍රිය චරිතයක්. ඊට හේතුව ඇගේ රෝසපාට කාර් එක. ඊට පස්සෙ ඇය ගැන බොහෝදෙනා කතාබහ කරන්න පටන් ගත්තා. නිතරම වගේ සමාජ මාධ්‍යයේ සටහන් තබන ඇය ,ඔන්න තවත් සටහනක් තබා තිබුණා. ඇයගේ සටහන් තුළ ඇත්තේ ජීවිතයට ගත හැකි ආදර්ශ නිසා අපි හිතුවා ඇගේ කතාව මේ විදියට බෙදාගන්න.
සාර්ථකත්වයට යන්න ලිෆ්ට් නෑ.
පඩිපෙල නැගගෙනම යන්න ඕනා !!
ලෝකප්‍රකට අභිප්‍රේරක එරික් තෝමස් වැඩසටහනකදී මෙහෙම කියනවා
"ලෝකේ වැඩියෙන්ම දියුණු වුනේ
දක්ශම කෙනා නෙවෙයි !
බුද්ධිමත්ම කෙනත් නෙවෙයි!!
වාසනාවන්තම කෙනාත් නෙවෙයි !!!
කොයිතරම වැටුනත් එකම වැඩේ එක දිගට එකම විදියට කරගෙන ගිය කෙනා "
ඒක තමා කරන්න අමාරුම වැඩේ.
අපි ගොඩක් දේවල් පටන් අරන් එකපාරක් දෙපාරක් අසාර්ථක වුනාම ඒක අල්ලලා දාලා වෙන දේකට යනවා
හැබැයි දියුණුවන කෙනා එහෙම කරන්නේ නෑ..!!!
එයා Feeling Awesome දවස්වලත් වැඩකලා.
Feeling Sad දවස් වලත් වැඩ කලා.
එනිසා රටේ මොන ප්‍රශ්න තිබුනත් අමාරුවෙන් හරි ඔයා කරන දේ දිගටම අතාරින්නේ නැතුව කරන්න
Feeling Proud දවසක් අනිවාර්යයෙන් එනවාමයි