සමහරු හිතනවා සුදු වුණාම ලස්සනයි කියලා - නෙහාරා පීරිස් සුදු වුණු රහස හෙළි කරයි?
නෙහාරා පීරිස් කියන්නේ පුංචි තිරයෙන් ප්රේක්ෂක ඔබ සමීපයට එන කවුරුත් ආදරේ කරන රුවැති යුවතියක්. ඒ වගේම තමයි ඇය දැන් දියණියන් දෙන්නෙක්ගේ අම්මා කෙනෙක්. නෙහාරා ගැන හොයන බලන, නෙහාරාට ආදරය කරන ගොඩක් අයට තියෙන ප්රශ්නයක් තියෙනවා.
ඒ, නෙහාරා කොහොමද සුදු වුණේ ?
අන්න ඒ කතාවට පසුගිය දවසක නෙහාරා උත්තර දීලා තිබුණා.
පාසල් කාලය කොහොමද නෙහාරාගේ ?
කාන්තාවකට පෞරෂ්යය කියන දේ ඉතා වැදගත්.. මම හැදිච්ච පරිසරය එක්ක අම්මා තාත්තා නිතරම කිව්වෙ කවදාවත් නම කැත වෙන විදිහට වැඩ කරන්න එපා කියලා. ස්කුල් කාලේ ඔය යාලුවන්ගේ එහෙම ලියුම් අහුවෙනවනේ. හැබැයි කවදාවත් මගේ බ්ලැක්මාර්ක් එකක් නෑ. එහෙම ඉඳලත් පස්සෙ කාලේ වෙච්ච දේවල් එක්ක අමාරුයි.. අපිම තමයි අපේ පෞරෂ්යය ගොඩ නඟ ගන්න ඕනි.
ඇත්තටම නෙහාරා කොහොම ද සුදු වුණේ ?
අදටත් ඉන්ස්ටා එහෙම ඉන්න නිසා, ඒක ලොකු මාතෘකාවක් ගොඩක් අය අහනවා, 'අක්කා ඔයා කොහොමද සුදු වුණේ' කියලා. මොනාද ගාන්නෙ කියලා. මම හැමෝගෙන්ම අහනවා, ඇයි ඔයාට සුදු වෙන්න ඕනි, කියලා. මම උපතින් මේ පාට. ඒකත් වාසනාව වෙන්නැති. සමහරු හිතනවා සුදු වුණාම ලස්සනයි කියලා. නමුත් සුදු කියන්නෙ ලස්සන නෙවේ. සමහරු එක එක දේවල් යූස් කරලා හම පිච්චිලා විනාශ කරගත්ත අය ඉන්නවා. දෙවියන් වහනසේ හැමෝටම වෙනස් රූපයක් දීලා තියනවා. ඒවා අපිට ඕනෑ හැටියට වෙනස් කරන්න ගියොත් හානිවෙන්න පුලුවන්. මට මතකයි මීට අවුරුදු හයකට විතර කලින් එක්තරා රංගන ශිල්පියක් කිව්වා, 'නෙහාර සුදු වෙලා තියෙන්නෙ බීලා ද ගාලද දන් නෑ' කියලා. මම කියන්නෙ සුදු වෙන්න ඔච්චර දේවල් කරන්න ඕනේ නෑ. හොඳට කන්න බොන්න, වතුර බොන්න. කෝමාරිකා පාවිච්චි කරන්න. ඇයි අහිතකර දේවල් කරලා හානි කරගන්නෙ.