සමරිසි මට නීතියෙන් ඒකට ඉඩක් නෑ - කොරින් අල්මේදාගේ පුත් බ්‍රැන්ඩන් කියන කතාව මෙන්න



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

කොරින් අල්මේදා කියන නම ඒ හඩ රුව බොහෝ දෙනෙකුට සමීපයි. ප්‍රසංග වේදිකාවට නැතිවම බැරි කොරින් ප්‍රසංග වේදිකාවේ ප්‍රාසංගික අත්දැකීම් එක් කරන ගායන ශිල්පිණියක්. ගයන හැම ගිතයකින්ම ජනප්‍රිය වෙන කොරින් පුතෙකුට ආදරණිය අම්මා කෙනෙක්. ඔහුගේ ආදරණිය පුතණුවන් තමයි බ්‍රැන්ඩන් ඉන්ග්‍රම්. ගායනයට වගේම ලේඛනයටත් ඔහු දක්ෂයෙක්. ඒ වගේම බ්‍රැන්ඩන් තමන් සමරිසි පුද්ගලයෙක් බව ප්‍රසිද්ධියේ පිළිගත්ත කෙනෙක්. මේ ඔහු වැඩසටහනකදි ඒ බව නිර්භයව ප්‍රකාශ කළ හැටි.

"මට මුලින්ම ඒ වෙනස දැනෙද්දි මම මගේ ෆැමිලි එකත් එක්ක කතා කළා. බඳින් නැත්තේ ඇයි ? වෙලාව හරි නේද ? අහනකොට මම කිව්වා 'මට තාම බඳින්න නීතියෙන් ඉඩක් නෑ' කියලා. පස්සෙ මම ඇත්ත කියනවා. හැමදේම හොඳින් වුණා. අවුරුදු තුනක් ගත වුණා.."

"ඔය කෝල් එනවනෙ අරයා මෙහෙම කිව්වා, මෙයා මෙහෙම කිව්වා කියලා. අපේ අම්මට කෝල් එකක් එනවා ඔය විදිහට.. එදා අම්මයි මායි ගොඩක් ඇඬුවා. මම එයාගෙන් ඇහුවා ඇයි අඬන්නෙ කියලා. දැන් මම ඒ අයිඩින්ටි එක හදාගෙනනේ ඉන්නෙ. ඒ ගැන මම සතුටු වෙනවා.. මම කිව්වා, මමයි මේ දේ නිසා ගොඩක් දුක් වින්ඳේ, නමුත් මම මේ හදාගත්ත අයිඩින්ටි එක ගැන මට සතුටුයි කියලා. පුංචිත් සමාව ඉල්ලුවා. එයාලා හිතලා තියෙන්නෙ මම විහිලුවක් කරනවා කියලා. එතකොටයි මම හිතුවේ මම හරියට ඕපන් වෙලා නෑ කියලා. එදා ඉඳන් මම ෆැමිලි එකේ අය එක්ක මේවා ගැන විවෘතව කතා කරනවා.."