සමීපතමයෙකුගේ නික්ම යාම ගැන ශෙරිල් ඩෙකර් සංවේදී වූ හැටි
ශෙරිල් ඩෙකර් කියන්නෙ නිරූපණයෙන් වගේම රංගනයෙනුත් හපන්කම් දක්වන කාගෙත් ආදරය දිනාගත්ත ශිල්පිනියක්. ඇය විවාහ වෙලා ඉන්නෙ ජනප්‍රිය ගායන ශිල්පී රුවන් හෙට්ටිආරච්චි සමඟ යි. සමාජ මාධ්‍ය තුළත් බොහෝම කතාබහට ලක්වන ඇය, ඇගේ සමීපයෙන් හිටපු සුනඛ සුරතලෙකුගේ හදිසි නික්ම යාම සංවේදී සටහනක් මුහුණු පොතේ පළ කර තිබුණා.
රොස්ටි පුතා ඔයත් මාව දාලා ලැසි ගාවටම ගියා එහෙනම්.මට දරාගන්න හරි අමරුයි මැනික.ඊටවඩා දුකයි.මගේ කලු පුතා මගෙ දුක සතුට හැමදේම බෙදාගත්තේ ඔයා එක්ක.ඔයාගෙ ලස්සන ඇස් දෙක මතක් වෙද්දි කෝමද මන් දරාගන්නෙ.ඔයා අද මන් ලග නැ ඉන්න තැනක හොදින් ඉන්න පුතේ හැමදාමත් ගොඩක් ආදරෙයි මගෙ අහින්සකයා.