සමනලී ෆොන්සේකා හදිසියේ පළ කළ අමුත්තෙක් එක්ක ගත්ත ඡායාරූප ටික



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

සමනලී ෆොන්සේකා ගැන අමුතුවෙන් ඔබට හඳුන්වාදීම් කරන්න අවශ්‍ය නැහැ. සමනලී කියන්නේ කලා පවුලකින් ක්ෂේත්‍රයට පැමිණ කුඩා කල සිටම රංගනයෙන් දස්කම් දක්වා හොඳම රංගන ශිල්පිනිය ලෙස සම්මානනීය වුණු නව පරපුරේ දක්ෂතම රංගන ශිල්පිනියක්. 

පසුගිය සමයේ පැවති ගෝල්ෆේස් අරගලයට සක්‍රීයව සහාය ලබාදුන් සමනලී අරගලය අතරතුර හිතවතෙක් සමඟ ගත් ඡායාරූප කීපයක් සමාජ ජාලාවල පළ කරලා තිබුණා.

ඒ වෙන කවුරුත් නෙමෙයි රංගන ශිල්පී පීටර් අල්මේදා සමඟ. පීටර් අල්මේදා කියන්නේ ප්‍රසන්න විතානගේ අධ්‍යක්ෂණය කළ ඉර මැදියම, ආචාර්ය සුමිත්‍රා පීරිස් අධ්‍යක්ෂණය කළ ලොකු දුව වැනි චිත්‍රපට සඳහා රංගනයෙන් දායක වුණු දක්ෂ රංගන ශිල්පියෙක්. ඒ වගේම ඔහු ලංකාවේ ඉදිරිපෙළින් සිටින තාක්ෂණික ආයතනයක විධායක නිලධාරියෙක් ලෙස සේවය කරනවා.

සමනලී, පීටර් අල්මේදා සමඟ ගත් ඡායාරූප සමාජ ජාලාවල පළ කළේ,

"No Caption" ලෙස සඳහන් කරමින්...