සුබ පැතුම් එකතු කරාට ස්තුතියි! ආදරෙයි! රංගන ශිල්පිනී නිල්මිණී තෙන්නකෝන් ස්තූති කරන්නේ කාටද?



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

නිල්මිණී තෙන්නකෝන් ගැන අමුතුවෙන් හඳුන්වාදීමට අවශ්‍ය නැහැ. සිනමාවේ වගේම පුංචි තිරයේත් ජනප්‍රිය රංගන ශිල්පිනියක් වෙන නිල්මිණී තෙන්නකෝන් රංගන ශිල්පිනියක් වගේම හොඳ අම්මා කෙනෙක්. නිල්මිණී 1992 වසරේ සිට රූපලාවණ්‍ය ක්ෂේත්‍රයට පිවිසිලා තියෙනවා.

පසුගියදා (ජුනි 02) ඇය නවතම රූපලාවණ්‍යගාරයක් තම නිවසේදී ආරම්භ කළ බවට සිය ෆේස්බුක් ගිණුමේ ඡායාරූප පළ කරමින් සඳහන් කළා. අලුත් ව්‍යාපාරයට නිල්මිණීට ඇගේ ප්‍රේක්ෂකයන් වගේම හිතමිත්‍රාදීන්ගෙන් උණුසුම් සුබපැතුම් ලැබුණා.

නිල්මිණී අද සිට රූපලාවන්‍යාගාරයේ සිටගත් ඡායාරූප කීපයක් පළ කරමින් ඇයට සුබපැතූ සියලුදෙනාට ස්තූතිය පළ කළා. ඇය මෙසේ සඳහන් කර තිබුණා.

"මගේ ව්‍යාපාරයට සුබ පැතුම් එකතු කරාට හැමෝටම, ස්තුතියි ආදරෙයි,"

විශේෂත්වය වන්නේ ඇය ඡායාරූපවලට පෙනී සිටියේ සිනමාවේ ස්වර්ණමය සළකුණක් වන ස්වර්ණා මල්ලවාරච්චිගේ පනස් වසක සිනමා දිවිය සමරන්නට මුද්‍රණය කළ සමරුපොත සමඟයි.