සඳුන් පෙරේරාගෙන් සංවේදී කතාවක් එළියට



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

ජනප්‍රිය ගායන ශිල්පි සඳුන් පෙරේරාට ඊයේ දවස විශේෂ දවසක් වුණා. ඒ ඔහු ජනතා සම්මානයට පාත්‍ර වීමත් එක්ක. එහි සතුට ඔහු මේ විදියට වචන බවට පත්කර තිබුණා. "ඔයාලා මට දුන්න සම්මානේ මම අම්මටයි තාත්තටයි දුන්නා! මට ජනප්‍රිය ගායකයෙක් වෙන්න ඕන වුණේ ඒ දෙන්නා නිසා. පුංචි කාලෙ ඉඳන් මං දැක්කෙ ඒගොල්ලො දුක් විඳිනවා, මිනිස්සුන්ගෙන් බැණුම් අහනවා විතරයි. මට ඕන වුණේ එයාලට මේ ලෝකෙන් ගෞරවයක් අරන් දෙන්න!

දහසක් දුක් විඳලා මං ඒක කළා 2016දි.

එතන ඉඳන් අද වෙනකල් සම්මානනීය ගමනක් ආවේ මගෙ ආදරණීය බිරිඳ නිසා!

මට වඩා මේ හීනෙ දැක්කෙ ඇය! බණ්ඩියත් එක්ක ඇවිදින්න දැන් ටිකක් අමාරු නිසා ඇය ගෙදර ඉඳන් බලාගෙන සතුටු කඳුලු හෙලද්දි, අපි අම්මටයි තාත්තටයි මුකුත් නොකියම එක්කන් ගියා සම්මානෙ ලැබුණත් නැතත් මගෙ පුංචි කාලෙ ඉඳන් ගායන ලෝකෙ වීරයො දෙන්නා චාමර වීරසිංහ, ශිහාන් මිහිරංග අයියලා එක්ක Nominate වුණ එකම මහමෙරක් නිසා ඒ දේ එයාලට පෙන්වන්න!

අන්තිමේ මමත් පුදුම වුණා! හීනෙ එළි වුණා!!!

පළවෙනි හීන සම්මානෙ අම්මගෙයි තාත්තගෙයි අතට දීලා ඒක දිහා බලාගෙන අත්පුඩි ගැහුවා…

බඩට නොකා කිලෝමීටර් ගණන් පයින් ඇවිදින ගමන් දැකපු හීන, හිතපු දේවල් අද ඇත්ත වෙලා! හිත හයිය නම් මේ ලෝකෙ කරන්න බැරි කිසිම දෙයක් නෑ!

ආදරණීය ඔයාලා අතරටම ඇවිත් සමීක්ෂණ කරලා පවත්වන සම්මාන උළෙලක් වුණු Slim Kantar Peoples Awards හි,
* Male Singer Of The Year
* Youth Choice Male Singer Of The Year

යටතේ සම්මාන ද්විත්වයටම මගෙ ජීවිතේ Idols වුණු Chamara Weerasinghe, Shihan Mihiranga දැවැන්තයින් එක්ක නිර්දේශ කළාටත්, තාරුණ්‍යයේ ගායකයා නමින් සම්මානනීය කළාටත් ආදරණීය රසික රසිකාවියන්ට හිස නමා ආචාර කරනවා

මගෙ ජීවිතේ වෙනස් කළෙත්, වටිනාකමක් එකතු කළෙත් ඔයාලමයි! ඔයාලා මාත් එක්ක ඉන්න බව මම දන්නවා

Thank you SLIM and KANTAR For Reserving A Seat For Little Me With Greatest and Awarded People! i’m honored! Thank you Peoples Awards for giving me this priceless memory!!! "