සිනමාවේදීනී ආචාර්ය සුමිත්‍රා පීරිස් මැතිණියගේ අවසන් කටයුතු රාජ්‍ය ගෞරව සහිතව කොළඹ නිදහස් චතුරශ්‍රයේද



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

අභාවප්‍රාප්ත කෘතහස්ත සිනමාවේදීනී ආචාර්ය සුමිත්‍රා පීරිස් මහත්මියගේ අවසන් කටයුතු රාජ්‍ය ගෞරව සහිතව අද (21) පස්වරු 4ට කොළඹ නිදහස් චතුරස්‍රයේදී සිදු කෙරෙන බව රාජ්‍ය පරිපාලන හා ස්වදේශ කටයුතු අමාත්‍යංශය පවසනවා.

ලාංකේය සිනමා ක්ෂේත්‍රයේ ප්‍රගමනයට අමිල දායකත්වයක් ලබාදුන් දෙස් විදෙස් සම්මානලාභී චිත්‍රපට අධ්‍යක්ෂවරියක වූ ආචාර්ය සුමිත්‍රා පීරිස් මැතිණිය මෙරට පළමු කාන්තා චිත්‍රපට සංස්කාරකවරිය හා සහාය අධ්‍යක්ෂවරිය ද වුණා.

ආචාර්ය ලෙස්ටර් ජේම්ස් පීරිස් මහතාගේ “සංදේශය” චිත්‍රපටයේ සහාය සංස්කාරකවරිය ලෙස සිනමා කර්මාන්තයට එක්වූ එතුමිය සිනමා අධ්‍යක්ෂවරියක ලෙස මෙරට සිනමා ක්ෂේත්‍රය වෙනුවේන අද්විතීය මෙහෙවරක් සිදු කරනු ලැබුවා.

ආචාර්ය සුමිත්‍රා පීරිස් මැතිණියගේ පළමු අධ්‍යක්ෂණය වූ “ගැහැනු ළමයි” චිත්‍රපටය ඇතුලු ඇය අධ්‍යක්ෂණය කළ “ගඟ අද්දර”, “යහලු හෙයෙළි”, “සාගර ජලය මදි හැඬුවා ඔබ සන්දා”, “ලොකු දුව” වැනි සිනමා කෘතීන් රැසක්ම සරසවිය ජනාධිපති, සිග්නීස්, චිචාරක ආදී සම්මාන උළෙල රැසකදී සම්මානයට පාත්‍ර වුණා.

එමෙන්ම ලන්ඩන් සිනමා උළෙල, ටෝකියෝ සිනමා උළෙල, මොස්කව් ජාත්‍යන්තර සිනමා උළෙල ආදී විදෙස් සිනමා උළෙල රැසකදී ද වෙසෙස් ඇගයීමට ලක්වුණා.

ආචාර්ය සුමිත්‍රා පීරිස් මැතිණිය ප්‍රංශයේ තානාපති ධුරය ද හොබවනු ලැබුවා.