‘සුනාමිය තමයි මගේ ජීවිතේ වෙනස් කලේ’ ලෝකෙම හොල්ලපු ජනප්‍රිය නළු හිරාන් අබේසේකර
පහුගිය කාලයේ හැමෝම කතාවුන චරිතයක් තමයි හිරාන් අබේසේකර කියන්නේ. මොකද ලාංකිකයෙක් වන හිරාන් Life of Pi වේදිකා නාට්‍යයේ රඟපෑම වෙනුවෙන් දක්ෂතම නළුවාට හිමි, ලොරන්ස් ඔලිවියර් සම්මානය ලැබූ නිසා ඒ විතරක් නෙවෙයි මෙම සම්මානයේ විශේෂම කාරණය තමයි ආසියාවට ප්‍රථම වරට මේ සම්මානය ලබාගත්තේ හිරාන් විසින්. මෙම සම්මානය ගන්න අවස්ථාවේ හිරාන් ‘මචංලා මම උඹලට ආදරෙයි’ කියලා ප්‍රකාශකළ නිසා ලංකාවේ හැමෝම වගේ හිරාන්ට ආදරේ කරන්න පටන් අරන් මොකද මොනතරම් වටිනා සම්මානයක් ලැබුනත් හිරාන් අපේකම අමතක කලේනෑ. ඉතින් අද අපේ මේ කතාබහ හිරාන් සමග,
හිරාන් සම්මානය ගත්තට පස්සේ හදිස්සියේ ලංකාවට ආවේ ඇයි ”ඇත්තම කියනවනම් මම ලංකාවට ආවේ ගෝල්ෆේස් යන්න, මම ලෝකේ රටවල් ගොඩකට ගිහින් තියෙනවා ඒත් මේ වගේ සාමකාමී ආදරණීය අරගලයක් දැක්කේ ලංකාවේ, මේක නිකන්ම අරගලයක් නෙවෙයි ලංකාව යහපත් මාවතකර අරගෙන යන ප්‍රාර්ථනාවේ මල් පුදින තැනක් කියලයි මට හිතෙන්නේ ඉතින් ඒ නිසා මට ඕන උනා ගෝල්ෆේස් යන්න ලංකාවට ආවගමන් අම්මයි අතාත්තයි බලලා කෙලින්ම ගියේ ගෝල්ෆේස්”
පාසල් කාලයේ පිළිබඳව තියෙන මතකන් මොනවද ”ගොඩක්ම සුන්දර කාලයක් හැබැයි ඒ සුන්දරත්වය පාසලේ අවසන් කාලයේ නැතිවෙලා ගියා, මම ගියේ කොළඹ නාලන්දාවේ මට මුලින්ම ඕන වූනේ දොස්තර කෙනෙක් වෙන්න මම ඒගැන අම්මටයි තාත්තටයි කියද්දී ඒ දෙන්නට ලොකු සතුටක් හැබැයි මම පලවෙනි පාර ඒ ලෙවල් ෆේල් දෙවෙනි වතාවේ හොඳට පාඩම් කරලා ඒ ලෙවෙල් ලියන්න යද්දී තමයි සුනාමිය ආවේ අපේ යාලුවෙක් හිටියා ‘ටානියා’ කියලා, සුනාමිය නිසා එයා නැතිවුනා, අපි හැමෝම ගියා එයාව හොයන්න, ඊටපස්සේ අයියා කෙනෙක්ගේ ගෙදරදී මම ජීවිතේ ගැන හිතන්න පටන්ගත්තා, මේ වගේ දේවල් වෙනවනම් මම ඇයි ජීවිතේ විඳින්නේ නැත්තේ මම ආස දේවල් කරන්නේ නැත්තේ ඇයි කියලා මට හිතුනා ඉතින් ඊට පස්සේ මම කළා අංශය මුලදි අමයි තාත්තයි ඒකට එච්චර කැමැති වුණේ නැහැ. ඒත් පසුව දුන්නෙ හොඳ සපෝට් එකක් දුන්නා”