‘සංතෑසියේ ලන්තෑරුමෙන්’ ආ නවක නිළිය
ෂෙනාරි වික්‍රමසිංහ කියන්නෙ ගමේ පිපුණු මලක්. තවමත් 18 හැවිරිදි වියේ පසුවන ෂෙනාරි ඉගෙන ගන්නෙ කුරුණෑගල මලියදේව බාලිකා විද්‍යාලයේ. ඇය උසස් පෙළට ඉගෙන ගන්නෙ ඉංග්‍රීසි සාහිත්‍යය, ජර්මන් භාෂාව සහ තොරතුරු තාක්ෂණය යන විෂයයන්. ඇය උඩරට නැටුම් හදාරන්නෙ විනෝදාංශයක් විදියටයි. පාසලේ නාට්‍ය කණ්ඩායමේ ෂෙනාරි කැපී පෙනෙන තරුවක්.
ප්‍රවීණ සංගීත සහ ගායන ශිල්පී බන්දුල විජේවීරගේ අතදීම මත ෂෙනාරි ජයසේකර අපොන්සු ප්‍රවීණයාගේ ‘සන්තෑසියේ ලන්තෑරුම’ ටෙලිනාට්‍යයේ රඟපෑවා. ඒක නුදුරේ දී විකාශය වේවි. ‘දුටු නොදුටු’ කියන්නෙ හුරුබුහුටි ෂෙනාරි රඟපෑව තවත් ටෙලි නාට්‍යයක්. ඇගේ රඟපෑම් එතැනින් කෙළවර කරන්නට ඇය කැමති නැහැ. අධ්‍යාපන කටයුතු කරනා අතරතුර ටෙලිනාට්‍ය නිළියක් විදියට ඉදිරි ගමනක් යන්නට ෂෙනාරි බලාපොරොත්තුවෙන් ඉන්නවා.
ෂෙනාරිගෙ තවත් බලාපොරොත්තුවක් තියෙනවා. ඒ කවදාහරි ගුවන් සේවිකාවක් ලෙසින් කටයුතු කරන්නට. පාසල් අධ්‍යාපනය අහවර කළාට පසු ඒ රැකියාව කරන්නට ෂෙනාරි කැමැතියි, රැකියාව කරනා අතරතුර, ඉඩ ලබාගෙන දිගටම රඟපෑම් කාර්යයේ යෙදෙන්නටයි ෂෙනාරිගෙ බලාපොරොත්තුව. නැටුම් ශිල්පය ඇගේ ප්‍රියතම විනෝදාංශයක් වන නිසා දිගටම උඩරට නැටුම් හදාරන්නටත් ෂෙනාරි අදිටන් කරගෙනයි ඉන්නේ. නැටුම් කණ්ඩායමේ නායිකාවක් වීමටත් ඇය සිහින මවමින් ඉන්නවා.
චන්න බණ්ඩාර