සිතුවමෙන් ලොව ජයගත් ගත් ලාංකික යුවතිය
ගෙවුණු ජුනි 8 වැනිදාට ලෝක සාගර දිනය යෙදී තිබුණා. ඊට සමගාමීව එක්සත් ජාතීන්ගේ ජාත්‍යන්තර සාගර පත්ල පිළිබඳ අධිකාරිය (International Seabed Authority) විසින් ඩිජිටල් චිත්‍ර නිර්මාණ තරගාවලියක් සංවිධානය කර තිබුණා.
එම නිර්මාණ තරගාවලියේ දෙවන ස්ථානය හිමිකර ගැනීමට ශ්‍රී ලංකාව නියෝජනය කළ නයනාංජනී මොනරවිලට හැකියාව ලැබුණා.
මෙම තරගයේ ප්‍රමුඛතම අරමුණ වූයේ ගැඹුරු මුහුදේදී සිදු කරන පරීක්ෂණ දිරිමත් කිරීමයි.
මෙම ජාත්‍යන්තර තරගය සඳහා වයස අවුරුදු 16ට වැඩි ලොව පුරා තරගකරුවන් එක්ව සිටියා.
දෙවැනි ස්ථානය දිනූ නයනාංජලී මොනරවිල විසින් නිර්මාණය කරන ලද ඩිජිටල් චිත්‍ර නිර්මාණයට අනුව ඇයගේ දැක්ම වනුයේ, මුහුදු පත්ල ගවේෂණය කරන ශබ්ද උපරණ සහ සෝනාර් භාවිතයෙන් සාගර පත්ල ගවේෂණය කර සිතියම්ගත කරන්නේ කෙසේද යන්න තීරණය කිරීමයි.
ගැඹුරු මුහුදු ප්‍රදේශ අද්විතීය පරිසර පද්ධති නිර්මාණය කිරීමට සහාය වන බවත්, බලශක්ති හා ඛනිජ සඳහා ප්‍රභවයන් සපයන බවත් ඇය නිර්මාණය කළේ ජයග්‍රාහී නිර්මාණ චිත්රයෙන් අර්ථකථනය වන්නක්.
එමෙන්ම, ගැඹුරු මුහුද පිළිබඳ සිදු කරන පරීක්ෂණ මගින් සාගර සම්පත් තිරසාර ලෙස කළමනාකරණයට මනා ලෙස පිටුවහලක් වන බවයි නයනාංජනී මොනරවිලගේ ඩිජිටල් චිත්‍රණයෙන් ගම්‍ය වී ඇත්තේ.
මෙම තරගාවලියේ ප්‍රථම ස්ථානය ජැමෙයිකාව නියෝජනය කරමින් එක් වූ 29 හැවිරිදි Richard Nattoo හිමිකරගත් අතර, තෙවැනි ස්ථානය හිමිවූයේ 20 හැවිරිදි වියෙහි පසුවන Thammy Gularte Dias වෙතයි.
මේ අතර මෙම තරගාවලිය ජාත්‍යන්තර පාසල් දරුවන් ද කේන්ද්‍ර කරගනිමින් පැවැත්වුණු අතර, එහිදි වයස අවුරුදු 16ට අඩු දරුවන් එක්ව සිටියා.
එහි පළමු තැන ජැමෙයිකාවේ වයස අවුරුදු 14ක් වන වික්ටෝරියා හන්ටර්ට සහ දෙවැනි තැන 10 හැවිරිදි යන්නික් ඇන්ඩර්සන්ට හිමිවුණා.
මෙම තරගකරුවන් නිර්මාණය කළ ඩිජිටල් චිත්‍රණ පහතින්.
ඒ අනුව පිළිවෙලින් දැක්වෙන්නේ,
පළමු ස්ථානය දිනූ Richard Nattooගේ සිතුවම ,තෙවැනි ස්ථානය දිනූ Thammy Gularte Diasගේ සිතුවම සහ දෙවැනි ස්ථානය දිනූ නයනාංජනී මොනරවිලගේ සිතුවමයි.