ස්තූතියි ලෝකෙම මට පිටුපාද්දි මගෙ අතින් තදින් අල්ලගත්තාට - මාධවීගෙන් පෙම්වතා කසුන්ට ආදරණීය ලියමනක්



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

ඇන්තනී පවුල ගැන ඇහෙන කතා මේ දිනවල හරි සුලබ වෙලා. එහෙම අහන්න ලැබෙන කතා අතර ඇන්තනී පවුලෙ දෝණි ,මාධවී වත්සලා ගැන ටිකක් වැඩිපුර කතාබහට ලක්වෙනවා. ඒ ඇය විවාහයෙන් වෙන්ව ඇති බවත් මේ වනවිට ඇයගේ පෙම්වතා කසුන් මහේන්ද්‍ර හීනටිගල බවත් යන කතාව. එය සැබෑවක් බවට පත්කරමින් ඔවුන්ම සෘජුව සිය සබඳතාවය ගැන ප්‍රසිද්ධ මාධ්‍යයට අදහස් දක්වලා තිබුණා. මේ කතාවත් එහෙම කිව්ව කතාවක්. මාධවී තමයි සිය ෆේස්බුක් ගිණුමට මෙහෙම සටහනක් එකතු කරලා තිබුණේ.

"අප හට ඇනුම් බැනුම් ලැබෙන්නේ වංචා කරලා, මිනී මරලා නෙවෙයි නේ. අපි කාටවත් වරදක් කළේ නෑ, ලෝකෙට එකක් මවා පාලා හොරෙන් ආදරේ නොකර අපි ලෝකෙට ඇත්ත නිරාවරණය කළා. ඒක හරි අහිංසක ආදරයක්. අග මුල නොදන්නා අය මොනවා කිව්වත්, දැන් මගෙ එකම සතුට ඔයා විඳපු දුක් ගැහැට වල ප්‍රතිඵලය ලැබෙන දවසක් උදා වෙනවා දැකීමයි. ඔයාට වරදින්නෙ නෑ... අපි තමයි අපිව දන්නේ... ස්තූතියි ලෝකෙම මට පිටුපාද්දි මගෙ අතින් තදින් අල්ලගත්තාට."