සජිත අයියා තමයි ලෙල්ලා කියන නම දාන්න මුල් වුණේ - නාඩගම්කාරයෝ ලෙල්ලා



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

නාඩගම්කාරයෝ කියන්නේ මේ දිනවල බෙහෙවින්ම ජනප්‍රිය ටෙලි නාට්‍යයක්. ඉතින් මේ නාඩගම් කාරයෝ ටෙලිනාට්‍යයේ ඉන්න හැම චරිතයකටම ගොඩක් දෙනා එක විදිහටම ආදරේ කරනවා. ඉතින් සරා, කවඩියා, සුද්දා, කිරිපුතාලට සහයෝගය දෙන්න දැන් අලුත් කෙනෙක් ඉන්නවා. ඉතින් පොල්ලෙලි කර්මාන්තය කරගෙන යන්න සරාලට උදව් කරන්නේ ලෙල්ලා. මේ විදියට ලෙල්ලා චරිතය තුළින් අපි අතරට එන ඒ තරුණයා තමයි ඉෂාන් නිලක්ෂ.

වයස අවුරුදු 23 ක තරුණයෙක් වන ඉෂාන් දඹදෙණියේ ඉඳලා තමයි මේ විදියට රංගන කටයුතු වලට සම්බන්ධ වෙන්නෙ. ඉතින් නාඩගම් කාරයෝ ටෙලි නාට්‍යයට අමතරව ඉෂාන් අග්නි පියාපත් ටෙලිනාට්‍යයේත්, කලම්බු ටෙලිනාට්‍යයේ වගේම හිත නිවන කතා වලත් චරිත කිහිපයක්ම කරලා තියෙනවා.

පාසල් යන කාලෙදි ඉඳලම පාසලේ රංගන කටයුතුවලට දායකත්වය ලබා දුන්නු ඉෂාන් නිලක්ෂ නාඩගම්කාරයෝ ටෙලිනාට්‍යයට සම්බන්ධ වෙලා තියෙන්නේ මේ ටෙලිනාට්‍යයේ ඉන්න මන්ත්‍රීතුමාගේ හදුනා ගැනීමෙන් සද්ධාමංගල සූරියබණ්ඩාර ගුරුතුමාගේ ඉන්ෆාස් ආයතනයට ඉගෙන ගන්න ගිහිනුයි. ඉතින් තවම ප්‍රේමය ගැන හිතලවත් නැති මේ තරුණයාට රංගන කටයුතු වලට සජිත ඇන්තනී ඇතුළු සියලු දෙනාගෙන් ඔහුට සහයෝගය ලැබෙනවා.

දඹදෙණිය ගමේ සාමාන්‍ය පවුලක ජීවත් වෙන ඉෂාන්ගේ මව ඇඟලුම් ආයතනයක සේවය කරන අතර ඔහුගේ පියා රියදුරු රැකියාව තමයි කරන්නේ. ඉතින් නිතර සැහැල්ලුවෙන් හිනාවෙලා ජීවත්වෙන ඉෂාන්ට මුලින්ම මෙම නාට්‍යයේ චරිතයට ලැබිලා තිබුණු නම ගැන ඔහු පුවත් පතක් සමගින් අදහස් තොරතුරු හුවමාරු කරගෙන තිබුණේ මේ විදියටයි.

” මුලින්ම මේ චරිතයට සද්ධා සර් නම දාල තිබුණේ කොණ්ඩ බඩා චමින්ද කියලා. සජිත අයියා තමයි ලෙල්ලා කියන නම දාන්න මුල් වුණේ. ඉතින් අනික් හැමෝමත් ඒක ට සහය වුණා. දැන් මට හැමෝම කියන්නේ ලෙල්ලා කියලා. කවුරුත් ඉෂාන් නිලක්ෂ කියන්නෙ නෑ”

ඉතින් නාඩගම්කාරයෝ ලෙල්ලාට ගොඩක් දෙනා මේ වන විටත් ආදරය කරනවා. ඉතින් ඔහු තවම කලාවට ආධුනික වුණත් ඔහුට ලැබෙන චරිතය තමන්ට පුලුවන් උපරිමයෙන් කරන්න තමයි ඔහු උපරිම උත්සහ ගන්නේ. ඉතින් ඔහුගේ ඉදිරි වැඩ කටයුතු සාර්ථක වෙන්න කියා අපිත් හදවතින්ම සුබ ප්‍රාර්ථනා එක් කරන්නෙමු.