සංගීතඥ දිනේෂ් සුබසිංහට තායිලන්තයේදී වුණු පුදුම හිතෙන සිදුවීමක්
දිනේෂ් සුබසිංහ කියන්නේ මෙරට සංගීත ක්ෂේත්රයට බිහි වුණු දක්ෂ තරුණ සංගීත අධ්යක්ෂවරයෙක්. ඒ වගේම දක්ස වයිලින් වාදන ශිල්පියෙක්. ලංකාවේ පමණක් නොව අන්තර් ජාතික වශයෙන්ද දක්ෂතා දක්වා රටට කීර්තියක් අත්කර දුන් සංගීතඥයෙක් ඔහු. මීට වසර හතකට පමන පෙර තායිලන්තයේ සිටියදී සිදුවුණු අපූරු සිදුවීමක් ඔහු පසුගියදා ප්‍රකාශ කරලා තිබුණා.
ඒ ඔහුගේ ෆේස්බුක් පිටුවෙහි. ඔහු කියන ආකාරයටම එම සිදුවීම මෙසේ දක්වන්නම්...
"2015 මාර්තු මස 29 වන දින සවස 3.03- 3.06 පමණ තෙක් ජීවිතයේ පුදුමාකාර ආශ්චර්යක් සිදුවූ දවසකි,
තායිලන්තයේ අයෝධ්‍යා නගරයේ මා සංස්කෘතික ප්‍රසංගයකට පෙරහුරු කරමින් සිටියදි මම වාදනය කරමින් සිටින විට මා හා එක්ව මගේ ස්වරයට හරියටම සමවන ස්වරයක් ඉතා ගැඹුරු bass නාදයකින් මා පිටුපස ඇතා නාද කරන්නට විය. ඔහු විනාඩි කීපයක් මා සමග එය කළේය, පැමිණ සිට ඇත්තෝ විමතියට පත්විය. පැමිණ සිටි කෙනෙක් මා වෙත මෙම ජායාරුප ලබා දුන්නේය.
එවකට මා භාවනා අභ්‍යාස කරන වසර 4ක් සම්පුර්ණ සම්පුර්ණ වූ කාලයයි. බලගතු මන්තරයක් අභ්‍යාස මා හට අවසර ලැබුණු කාලයයි. මා අභ්‍යාස කල මන්තරය දිගින් දිගට කීමෙන් මගේ සිරුරේ එකතුවුණු ශක්තියත් + මගේ වයලීනයෙන් පිටවුනු ස්වරයත් තුල ඇතිවුණු කම්පනය ඇතාගේ මනසේ ඇති වුණු තත්වයෙන් ඇතා කුන්ච්ජ නාද කලා විය හැක. එහෙමත් නැත්නම් ඇතා නිකන් ශබ්ධ කොට මට නවත්තන්නට කියා කිව්වද දන්නෙත් නෑ. ,හැබැයි එය හරි අපුරුයි.
මේ සිද්දිය මාධ්‍යයට කියා මම publicity ගත්තේ නැත. අවුරුදු 7 ගෙවී ගිය නිසාත්, එකී මන්තරය අභ්‍යාස නොකරන ඊට වඩා වෙනත් තලයක අභ්‍යාසයක් මේ වන විට මා practice කරන බැවින් මෙම කතාව ඔබ සමග බෙදා ගන්නට සිතුවෙමි. එම අලියා පසුව මා සමග බලු පැටියෙකු සුරතල් වන්න සේ හිතවත් විය. අදටත් මට තවම සිතා ගත නොහැකි මගේ කළා ජීවිතයේ අමරණීය මොහොතකි මේ.
සංගීතය සහ විශ්ව බලය එකතු වූ තැන බිහිවන්නේ අනාහත ශක්තීන්ය. මේවා පොත්වල පැවතුනද මා දෛනිකව එම සංගීතය අත්විඳීමට මා භාග්‍යවත්ය. මා මුණගැසුණු විටක මේවා ගැන කවුරුත් නොඅසනවා නම් ස්තුතියි. අනාහත ශක්තීන් අප ජීවත් වන පරිසරයේ සංගීතය තුලට ගෙන ඒම ඉතා අසීරු කර්තව්‍යකි. ඇත්තම කිව්වොත් දැන් අපි කරන පසුගිය වසර 200 පමණ මිනිසා කල සංගීතය අනාගත සංගීතය ඉදිරියේ විහිළුවකි."