ශානිකා නමින් ව්‍යාජ පෝස්ට් හදපු අයට , ගායිකා ශානිකා මධුමාලි නීතිමය ක්‍රියාමර්ග ගනියි
ගායන ශිල්පිනියක් විදිහට කාගෙත් ආදරය දිනාගත්ත ශානිකා මධුමාලි කියන්නේ ඔබට අමුතුවෙන් හඳුන්වා දෙන්න වුවමනා කෙනෙක් නෙවෙයි. මුහුණු පොතෙත් අතිශය ජනප්‍රිය ඇය මේ වන විට ක්‍රියාත්මක වන නිර්පාක්ෂික අරගලය වෙනුවෙනුත් හඬ නඟන කෙනෙක්. කොහොම වුණත් ඇය ප්‍රකාශ කළා යැයි කියමින් ව්‍යාජ ප්‍රවෘත්තියක් නිර්මාණය කරපු පිරිසක් ගැන, ඇය මුහුණු පොත හරහා යම් අනාවරණයක් කර තිබුණා.
එම සටහන පහතින් බලන්න..
අපි වෙනුවෙන් කෑ ගහලා කිසිම කලහකාරී ක්‍රියාවක් නොකරපු ඒ අහිංසක අරගල කරුවන්ට මාරාන්තික තුවාල වෙන්න ගහන විදිය දැකලා මේ ගුටිකන්නේ අපේ මිනිස්සුනේ කියලා දැනුන අනුකම්පාව නිසයි එදා ,ඒ අවස්ථාවේ post දැම්මේ.
ඒක මුලු ලංකාවම එකතු උන අවස්ථාවක්.
අනික හැමදේම ආපහු සාමාන්‍ය අතට හැරෙද්දී සාමකාමී වෙන්න කියලා මමත් අපේ මිනිස්සුන්ට පණිවිඩය දුන්නේ අන්න ඒ නිසා.
මිනිස්සු අවුස්සන්න හිතාගන කිසිම දෙයක් කරලා නැහැ. මගේ එකම එක comment එකක් අල්ලගන Fake Account , pages හදාගන ඇවිත් ඔයාලා බනිනවා නම් බනින, post හදන ඔයාලාගේ පැත්තෙන් බලද්දි මම වැරදී වගේ පේනවා ඇති. ඔයාලාගේ අදහස් වෙනස් කරන්න මට බැහැ. ඉතින් මම කරපු දේකින් ඔයාලගේ හිත රිදුනා නම් සමාවෙන්න.
ප.ලි | බලාගෙන යද්දී හුගක්ම පසු ගැටුම් නිර්මාණය කරලා තියෙන්නේ සහ ගැටුම් නිර්මාණය කරන්නේ ඒ ඒ පාර්ශවයන්ගේම උදවිය ඒ ඒ අයගේ වාසියට කියලා අද තේරුම් ගත්තා.
මම ලංකාවට ආදරේයි.
අරගලයට ජය වේවා.
බොරුවට මම නොදාපු පොස්ට් හදලා මෙහෙම එවලා, බොරු පතුරලා මිනිස්සු අතර වයිරය පතුරන එකට සහ මට කරන තර්ජන වලට මම නීතිමය ක්‍රියාමාර්ග ගන්නවා.
මගේ එක්ක වෙන තරහක් තියන කෙනෙක් ඉන්නවා මට පේන විදියට. හැමෝම අරගලයට සහය දෙනකොට, මෙතන වෙනම කට්ටියක් ඉදගන මිනිස්සු අවුස්සනවා වගේ දෙයක් වෙන්නේ.
කලකිරීමක් තියෙන්නේ මේ සමාජේ අය ගැන.