වසර 5කට පෙර නික්ම ගිය දසුන් ගැන මතක අලුත් කරන සංගීත්
හදිසි තීරණ අරන් ජීවන ගමන නිමා කළ දසුන් නිශාන්ව ඔබට අමතක නැතුව ඇති. ඊයේ දවසට ඔහු නික්ම ගොස් වසර පහක්. ඒ වෙනුවෙන් විවිධ වූ සටහන් සමාජ මාධ්‍යය තුළ හුවමාරු වුණු අයුරු අපි දැක්කා.
මේ ජනප්‍රිය රංගන ශිල්පි සංගීත් ප්‍රභූ ඔහු ගැන තැබූ සටහනක්.
"එක දවසක්.දැන් ලොකු කාලයක්. ඔයා අපිව අමතක කරලා ගිහින් අදට අවුරුදු පහක්. එත් අපි මැරෙනකම් අපිට මේ දවස අමතක කරන්න බෑ...අයියා මොකද අද වෙනකම්...ඔයා හිටියේ අපේ හිත් වල මිසක් වචන වල නෙවෙයි. දසුන් අයියා උබට ආදරෙයි අපි..."